පරණ රක්වාන සූරියකන්ද පාරේ ඔබට යාමට ලැබෙන අවසාන කාලයයි මේ. ආයේ කවදාවත් යන්න වෙන්නෑ. තාම ගිහින් නැති අය යන්න.
පාර පුළුල් කර ප්‍රතිසංස්කරණය ආරම්භ කරලා තියෙන්නේ. දැනට ගමනාගමනයට බාධා නෑ..
——————–



රිවස්ටන් සුන්දරත්වය සමාන ඉතා සෞම්‍ය වූ දේශගුණයක් මෙන්ම අලංකාර කදු වලින් මැදිවූ මීදුම සහිත පරිසරයකින්ද සමන්විත ප්‍රදේශයක් ලෙස සූරියකන්ද, දෙනියාය ආශ්‍රිත බුළුතොට හෙල් අතර වූ පරිසරය හැදින්විය හැක.
රක්වාන සූරියකන්ද හරහා දෙනියාය මාර්ගය මෙම සුන්දර කදු පන්තිය මැදින් දිවයයි. රත්නපුර සිට පැමිණෙන අයකුට රක්වාන පසුකර සුන්දර වංගු 10 පාර හරහා සූරියකන්දටත්, එතැනින් දෙනියායටත් ගමන් කල හැකිය. ඇඹිලිපිටියේ සිට පැමිණෙන්නෙකුට කොලොන්න, බුළුතොට හරහා සූරියකන්ද වෙත ගමන් කල හැකිය.



සුන්දර තේ වතු වලින් හා ප්‍රපාතාකර බෑවුම් සහිත කදු වලින් සමන්විත මෙම මාර්ගය දෙපස ස්වාභාවික කුඩා දිය පහරවල් වලින් ගලායන නොයිදුල් ජලය පරිසරයට එක් කරන්නේ ඉතා මනරම් දර්ශනයකි.
මෙම මාර්ගයේ සූරියකන්ද දෙනියාය අතර ගමන් කරන්නෙකුට ප්‍රපාතාකර බෑවුම් අතරින් වැටී ඇති ගමන් මාර්ගය දෙපස ඉතා අලංකාර කදු පංතිය මෙන්ම මීදුමෙන් වැසීගිය වන ලැහැබ වැනි දර්ශන බහුලව දැකිය හැකි වේ.




එමෙන්ම රක්වාන පැමිණෙන ඔබට හදපාන් ඇල්ල මෙන්ම තව කුඩා දිය ඇලි සහ ජල තටාක කිහිපයකම සුන්දරත්වය විද ගැනීමට හැදියාව ලැබේ.
සූරියකන්ද කදු මුදුනේ පිහිටා ඇති රූපවාහිනි සහ ITN සම්ප්‍රේෂණ කුළුණු වෙත සාමාන්‍ය ජනතාවට ප්‍රවේශ වීමට අවසර නොමැති නමුත් එම මාර්ගය දිගේ ඉහළට ගමන් කිරීමේදි හමුවන රක්වාන නැරැඹුම් ස්ථානය මෙන්ම වංගු 18 සහිත මාර්ගය දෙස ඉහල සිට බැලීමේදී දර්ශනය වන්නේ ඉතා අලංකාර පරිසර පද්ධතියකි…



ඉතා සංවේදී පරිසර පද්ධතියක් වන මෙය රැක ගැනීම මෙහි සංචාරය කරන ඔබේද මගේද පරම යුතුකමක් බව මතක තබා ගන්න..
Post & Photo credit goes to original photographer