Sunday, April 27, 2025

යකාගේ පඩිපෙල යන්න ලේසිම විදිය

spot_img

කොළඹ කොටුව – බදුල්ල රාත්‍රි දුම්රියෙන් ගිහින් ඔහිය දුම්රිය ස්ථානයෙන් බහින්න.

දුම්රිය කොලඹින් පිටත් වීම – රාත්‍රි 8.30

ඔහියට ලගා වීම – පාන්දර 4.30 – 5 අතර

ඔහිය ස්ටේශන් ලගම කඩ කීපයක් තියෙනවා.එතනින් උදේට කන්න පුලුවන්.හයික් එක යන පාර තියෙන්නෙත් ස්ටේශන් එකේ ඉදන් ඉස්සරහ කන්ද උඩින්.

ට්‍රැවල් සීසන් නොවන කාලෙට දුම්රියෙ කොහොමහරි සීට් එකක් හොයගන්න පුලුවන්.ඒත් මාසෙකට කලින් book කරගන්න වෙනවා.

යකාගේ පඩිපෙල මාරිගයේ කඩ මොනවත්ම නෑ. ඒ නිසා ගමනට අවශ්‍ය සියලුම දේවල් ගමන පටන් ගද්දිම අරන් යන්න.එකම එක කඩයක් හම්බෙනවා වෙස්ට් හපුතලේ ගම්මානයේදී.ඒකේ රසම රස රොටී තියෙනවා

යකාගේ පඩිපෙල ගමන 25 km විතර දුරයි.

බයික් එකකින් වුනත් යන්න පුලුවන්. පයින් යන අයත් ගොඩාක් ඉන්නවා.

ඔයාලට කෑම්පින් කරන්න අවශ්‍ය නම් වැලි වංගුව අවට කෑම්පින් කරන්න පුලුවන්.

මෙහෙ හුළං ටිකක් සැරයි.ඒ නිසා කූඩාරම් ගහද්දි අවධානයෙන් ඉන්න.

කුඩා දියඇලි කීපයක් වගේම ලංකාවේ උසම දියඇල්ල වන බඹර කන්ද දිය ඇල්ලත් මේ ගමනෙදි බලා ගන්න පුලුවන්.

ඔයාලා ඔහියෙන් යකාගේ පඩිපෙල ගමන පටන් ගත්තොත් කලුපහන හන්දියෙන් බහින්න පුලුවන්.

මෙම සුන්දර පරිසරය ආරක්ශා කිරීම ඔබ සැමගේ වගකීමක්.

spot_img

Read More

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here