Saturday, April 26, 2025

මොනරුන් දඩයම් කරන යූටියුබර් ගැන පරීක්ෂණයක්

Published:

මාදුරු ඔය ජාතික උද්‍යානය තුළදී විදේශිකයෙකු සහ ආදිවාසී පුද්ගලයින් සිව්දෙනෙකු මොනරෙකු දඩයම් කර, මස් කපා අනුභව කරන ආකාරය දැක්වෙන යූටියුබ් වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.


‘Go With Ali’ නම් යූටියුබ් නාලිකාවේ පළ කර ඇති මෙම වීඩියෝ දර්ශනවල, කණ්ඩායම විසින් මොනරෙකු දඩයම් කර, දර ගිනි මත පිස, ජාතික උද්‍යානය තුළදීම අනුභව කරන ආකාරය පෙන්නුම් කරයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ ජාතික උද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වූ විදේශිකයා සහ ආදිවාසී පුද්ගලයින් සිව්දෙනා සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.


 උද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළුවීම, ගිනි තැබීම, ආරක්ෂිත පක්ෂියෙකු දඩයම් කර ඝාතනය කිරීම හා එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම යන වරදවල් යටතේ ඔවුන් හසුකරගන්නට පරීක්ෂණ අරඹා තිබේ.
මීට පෙර ද මේ හා සමාන සිදුවීමක් වාර්තා වී ඇති අතර, එහිදී දඹාන ප්‍රදේශයේ ආදිවාසී පුද්ගලයින් සිව්දෙනෙකු සහ විදේශිකයෙකු උද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී මොනරෙකු මරා අනුභව කිරීමක් කර තිබුණ අතර එකී සිද්ධියේ නඩුව දැනට මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
අලුත් සිද්ධියට අදාළ වීඩියෝව පහතින්

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img