අත්ලාන්තික් සාගරයේ උතුරට වන්නට පිහිටි කුඩා දිවයින් කිහිපයක් වන ෆේරෝ දූපත්, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඩෙන්මාර්කයට අයිති, ස්වයං පාලනයක් සහිත පෙදෙසක් වෙනවා.

මෙය පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍ය දූපත්වලට වයඹදිගින්, අයිස්ලන්තයට මඳක් ගිනිකොණට වන්නට යි. වර්ග කිලෝමීටර 1399 ක භූමි භාගයකට හිමිකම් කියන මෙම දූපත්හි ජීවත් වන්නේ 54,000 ක පමණ ජනකායක් පමණ යි.






කුඩා දිවයින් කිහිපයක් වුව ද, ෆේරෝ දූපත්හි සංචාරක ආකර්ෂණය නොමඳ ව දිනා ගත් ස්ථාන රාශියක් තිබෙනවා. භූ විෂමතාව සහ දේශගුණය අතින් ගත් කල, සෞම්‍ය කලාපික, සාමුද්‍රික ලක්ෂණ ප්‍රකට කරන මෙම දිවයින් කිහිපයෙ හි දිව්‍ය විමාන බඳු, මනස්කාන්ත ස්ථාන කිහිපයක් ම දැකගත හැකි යි.