විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පවුලක වයස අවුරුදු 07 ක් වූ පිරිමි දරුවෙකු ඔවුන්ගේ නිවස හා ගෙවත්ත අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා තිබූ විදුලි වැටේ ගැටී 2024.10.27 වන දින උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබේ.
දෛනිකව සවස 0600 ට විදුලිය සපයා පසුදින උදෑසන 0600 ට විසන්ධි කරනු ලබන නිවැසියන් විසින්ම සකසාගෙන ඇති විදුලි වැට උදෑසන විසන්දි කිරීමට අමතක වී ඇති අතර දරුවා එදින වන දින උදෑසන 7ට පමණ නිවස පිටුපස පිහිටි දිවුල් ගසේ දිවුල් ඇහිඳීම සඳහා ගොස් විදුලි වැටේ ගැටී මෙම ඛේදජනක අනතුරට ලක් වී ඇත.
මෘත ශරීරය විල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.