Monday, April 28, 2025

“බිග් ලැප්” – ලොව දිගම අධිවේගී මහාමාර්ගවලින් එකක්

Published:

“බිග් ලැප්” කියලා හඳුන්වන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික මහාමාර්ග අංක එක ලෙස හැඳින්වෙන අධිවේගී මාර්ගයයි… ලොව දිගම අධිවේගී මහාමාර්ගවලින් එකක් ලෙස හඳුන්වනු ලබන මෙය මුළු මහාද්වීපයම වට කරමින් වෙරළට ආසන්නයෙන් ‍විහිදී යයි…

මෙම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර 14,500 ක් එහෙමත් නැත්නම් සැතපුම් 9,000 ක් පමණ වන අතර ඕස්ට්‍රේලියාවේ සියළුම ප්‍රධාන නගර සඳහා සැපයුම් මාර්ගයක් ලෙස භාවිතා වන බැවින් මෙම මාර්ගය “බිග් ලැප්” යන නමින් හඳුන්වනු ලබයි…

සිඩ්නි, බ්‍රිස්බේන්, කෙයාන්ස්, ඩාර්වින්, පර්ත් සහ මෙල්බර්න් වැනි ඕස්ට්‍රේලියානු ප්‍රධාන නගර හතක් සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ගමන් කරන අතර බාස් සමුද්‍ර සන්ධිය හරහා ටස්මේනියාවේ හෝබාර්ට් දක්වාද විහිදෙයි…

මෙම මාර්ගය එරටේ ඉංජිනේරුමය ජයග්‍රහණයක් පමණක් නොව, ඕස්ට්‍රේලියාවේ තිබෙන විශාල භූගෝලීය සහ සංස්කෘතික විවිධත්වයන් ආවරණය කරමින් අද්විතීය ගමනක් ද සපයන අතර රටේ ජාතික සැපයුම් සහ සංචාරක කර්මාන්ත යන දෙකටම අත්‍යවශ්‍ය බව තහවුරු කරයි…

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img