දිනන එක දින්නා,
ලොවෙත් නැති වෙන්න ❤️
මෙවර දැල්පන්දු ආසියානු ශූරතාවේ,
අඛණ්ඩව ලැබූ තුන්වෙනි ජයත් ලැබුවා..!
ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 09වන දින සමත් විය. සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අපරාජිත කණ්ඩායම ලෙස ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම විශේෂත්වයයි. 2019 වසරේ එංගලන්තයේ ලිවර්පූල් හි රටවල් 16 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 2019 නෙට්බෝල් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවද ජයග්‍රහණය කරන හොඳම කණ්ඩායම් දෙකට හිමි වෙයි.





