Saturday, April 26, 2025

ලෝක ප්‍රසිද්ධ ටාසන් දිවියෙන් සමුගනී

Published:

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණ පෙවූ එක්සත් ජනපදයේ ජනප්‍රිය නළු රොන් එලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

1938 ජූනි 21 වැනිදා උපත ලද එලී, මියයන විට 86 වැනි වියේ පසුවිය.

ඔහුගේ දියණිය ඊයේ (23) මෙම කණගාටුදායක පුවත තහවුරු කර ඇති අතර, ඔහු මිය ගියේ කෙසේද සහ කවදාද යන්න ඇය සඳහන් කර නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටාසන් කතා මාලාව 1966 වසරේ සිට 1968 වසර දක්වා NBC රූපවාහිනී ජාලයේ විකාශය වී තිබෙනවා.

ඔහු රංගනයෙන් දායක වූ කාලය අතරතුර ඔහුගේ ශරීරයට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර, සතුන්ගේ ප්‍රහාරයන්ට ද ලක් වූ බවටයි වාර්තා සඳහන් කරන්නේ.

2001 දී ඔහු රංගන දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, ගත් කතුවරයෙකු ලෙස ඔහු අභිරහස් නවකතා දෙකක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

South Pacific (1958), The Fiend Who Walked the West (1958) සහ The Remarkable Mr Pennypacker (1959) වැනි චිත්‍රපටවල සහාය චරිත නිරූපණය කිරීමෙන් පසු ඔහු ටාසන්ගේ චරිතයට රංගනයෙන් දායක වී තිබෙනවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img