Saturday, April 26, 2025

දෙවැනි එක්දින තරගයේ ජයත් කඩුලු 5කින් ශ්‍රී ලංකාවට

Published:

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග අද (23) පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.


තරගය පැවැත්වුණේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. අද දහවල් ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 44කට සීමා කිරීමට තරග බලධාරීන් තීරණය කළේය.

ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබුණි.

දෙරට අතර පැවැත්වෙන තෙවෙනි සහ අවසන් එක්දින තරගය එළඹෙන 26 වනදා පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතය.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img