Monday, April 28, 2025

එක එක රටවල පාස්පෝට් එකේ පාට තීරණය වෙන්නේ කොහාමද?

Published:

ලෝකයේ රටවල් 199 ක්ම තමනටම අනන්‍ය වූ ගුවන් ගමන් බලපත්‍රයක් හෙවත් පාස්පෝට් එකක් භාවිතා කරනවා. ඒ හැම පාස්පෝට් එකකටම අනන්‍ය වූ පොදු ලක්ෂනයක් තමයි සෑම පාස්පොට් එකකම පිට කවරය තනි වර්ණයකින් යුතු වීම සහ ඒ රටේ නම මෙන්ම එරට රාජ්‍ය ලාංඡනය රත්‍රන් පැහැති ලෝහමය වර්ණයකින් පාස්පෝට් එක මත මුද්‍රණය කර තිබීම. ඒ වගේම තමයි පාස්පෝට් එකේ සයිස් එක ගැන නීතිමය නියමයක් නොතිබුනත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය යෝජනා කරන්නේ පාස්පෝට් එකක ප්‍රමාණය 125mm x 88mm විය යුතු බවයි.

එතකොට කවුද පාස්පෝට් එකේ වර්ණය නියම කරන්නේ.? පාස්පෝට් වල වර්ණය සම්බන්ධයෙනුත් නීතිමය නියමයක් නෑ. ඒත් ලෝකයේ සියළුම පාස්පෝට් වර්ණ 4කට අයත් වෙනවා. ලෝකයේ පාස්පොට් සදහා භාවිතා කරන වරණ 4 වන්නේ රතු, නිල්, කොල සහ කළු පමණයි. රටවල් එම වර්ණ හතර තෝරා ගැනීමට මූලිකම හේතුව වන්නේ එම වර්ණ 4 අනෙකුත් වර්ණ වලට වඩා official colours වීම නිසායි. රටවල් එම වර්ණ 4 අතුරින් එක් වර්ණයක් සිය පාස්පෝට් එකේ වර්ණය සදහා තෝරා ගැනීමේදී විවිධ දේශපාලන, ආගමික, සංස්කෘතික හා කලාපීය කාරනා හේතු වෙනවා.

ලෝකයේ මුස්ලිම් රටවල් සියල්ලක්ම පාහේ සිය පාස්පෝට් එකේ වර්ණය ලෙස කොල පාට තෝරාගෙන තිබෙනවා. ඒ මහම්මුද් නබිතුමාගේ ප්‍රියතම වර්ණය කොළපාට වීම නිසා යැයි විශ්වාස කෙරෙනවා. යුරෝපා සංගමයට අයත් සියළු රටවල් සිය පාස්පෝට් වර්ණය ලෙස බර්ගන්ඩි වර්ණය තෝරාගෙන තියනවා. ඒ එම සියළුම රටවල පාස්පෝට් සදහා ඒක මිතියක් ඇති කිරීම වෙනුවෙන්. එක්සත් රාජධානියේ පාස්පෝට් එකද එම වර්ණයෙන් යුතු වූ අතර පසුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග එම වර්ණය තද නිල්පාට ලෙස වෙනස් කරා. රුසියාව, චීනය වැනි ඓතිහාසික කොමියුනිස්ට් රටවල්ද සිය පාස්පෝට් වර්ණය ලෙස රතු තෝරාගෙන තිබෙනවා.

ලංකාවෙත් පාස්පෝට් වරණය වන නිල් පාට ලෝකයේ දෙවැනියට වැඩිම පාස්පෝට් සංඛාවක් භාවිතා කරන වර්ණය වනවා. ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් සිය පාස්පෝට් සදහා නිල් වර්ණය භාවිතා කරන්නේ “නව ලෝකය” යන අර්ථයෙන් බවයි වාර්තා වෙන්නේ. ඊට අමතරව නිදහස් වෙළද ආර්ථිකයන් හා මුහද ද නිල් පාටින් අර්ථ දැකිවෙන බව සදහන් වෙනවා.

පාස්පෝට් සදහා අඩුවෙන්ම භාවිතා වන වර්ණය කලු වන අතර ඒ මගින් දේශීය සංස්කෘතිය හා දේශපාලනය හැගවෙන බව කියවෙනවා. ඊට අමතරව කළු වර්ණය දුක සහ කදුළු නියෝජනය කරන බවත් එම වාර්ථා වල සදහන්. ලොව පුරා රටවල් 7 ක් පමණක් කළු වර්ණය සිය පාස්පෝට් සදහා භාවිතා කරනවා. මේ සියල්ලටම ව්‍යතිරේක ලෙස වෙනත් වර්ණ භාවිතා කරණ රටවල් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් තිබෙන බවයි එම වාර්ථා පෙන්වා දෙන්නේ.

පාස්පෝට් වල වර්ණය හා ප්‍රමාණය කුමක් උවද ඒවායේ අනිවාර්යෙන්ම ඇතුලත් විය යුතු නීතිමය අවශ්‍යතාවයන් කිහිපයක් පවතිනවා. ඒ අතරින් සෑම පාස්පෝට් එකක්ම machine readable විය යුතු අතර ඊට අමතව පහසුවෙන් නැමිය හැකි අමුද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි. ඒ වාගේම ඕනෑම ගුවන් ගමන් බලපත්‍රයක් 10C සිට 50C දක්වා උශ්නත්වයටත් 5% සිට 95% දක්වා ආර්ද්‍රතාවයටත් ඔරොත්තු දෙන පරිදි නිර්මාණය විය යුතු වේ. ඊට අමතරව ව්‍යාජ ලෙස පාස්පෝට් සකස් කිරීම වැලැක්වීම සදහා අවශ්‍ය රහස් සලකුණුද එයට ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img