Sunday, April 27, 2025

මුන්නේශ්වරම් කෝවිල – හලාවත

spot_img

හින්දු අයගේ සංස්කෘතික සහ ආගමික වටපිටාව කියන්නෙ බොහෝම වර්ණවත් ආකර්ෂණීය දේවල් වලින් පිරුණු එකක්.

ඒක හරි අපූරුවට බලාගන්න පුලුවන් තැනක් තමයි හලාවත මුන්නේශ්වරම් කෝවිල.

හලාවත ටවුන් එකේ ඉඳලා කුරුණෑගල පැත්තට කිලෝමීටරයක් විතර යද්දි ඓතිහාසික මුන්නේශ්වරම් කෝවිල හමුවෙනවා.මුන්නේශ්වරම් කියන එකේ තේරුම පළමුවෙන්ම පිහිට වූ ඊශ්වර කෝවිල කියන එකයි.

වාල්මිකීගේ රාමායණයේත් මුන්නේශ්වරම් කෝවිල ගැන ලියවිලා තියෙනවා.

රාවණා සීතාව පැහැර ගෙන එන ගමන් මුන්නේශ්වරම වැඳපුදා ගත්තාලු.

ක්‍රිස්තු පූර්ව 1000ට අයත් යැයි සැලකෙන මෙහි 1517 වර්ෂයේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ බාල කුමරුගෙ අසනීපයක් මුන්නේශ්වරම් කෝවිලට භාරහාර වුණායින් පස්සේ සුවඋනාලු.

රජතුමා තඹ සන්නසකින් ගම්වර ගොඩක් කෝවිලට දුන්නලු.

හැබැයි පෘතුගීසි කාරයෝ නම් මේ කෝවිල විනාස කරා .මීට වඩා ගාම්භීරව දැවැන්තව තිබුනයි කියලා කියවෙන ප්‍රතිමා වේල් කරත්ත කඩලා බිඳලා ගිනි තියලා විනාශ කරාලු.

හැබැයි පෘතුගීසිකාරයො ඒ කාලේ මේක කිතුනු දේවස්ථානයක් විදියටත් පාවිච්චි කරලා තියෙනවා.ඊට පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමයි ආයෙත් කෝවිල ප්‍රතිනිර්මාණය කරල තියෙන්නෙ.

ඇත්තටම මුන්නේශ්වරන් කෝවිල කියන්නේ සහජීවනය සංකේතයක්.මොකද මම එහෙම කියන්නේ මෙතනට වැඩියෙන් එන්නෙ හින්දු අයට වඩා කතෝලික සහ බෞද්ධ බැතිමතුන්.

මෙතන මම තව ලස්සන දෙයක් දැක්ක.හව්හරණක් නැති බල්ලො පූසො එළුවො හරක් කෝවිල් භූමිය එයාලගේ නවාතැන්පොළ කරගෙන.හැම සංචාරෙදිම වගේ බලුස්ස කම ඉතිරෙන බව් පැටවුත් ගොඩක් යාලු වුනා.

අසරණ යාචකයොත් ගොඩක් ඉන්නව.ඔයාට හිතෙනවනම් කවුරු හරි මනුස්සයෙක්ට උදව් කරන්න ඕන කියලා ඒකට ඕන තරම් අවස්ථාව මුන්නේශ්වරම් කෝවිල් භූමියේ තියෙනවා.

කෝවිලේ ප්‍රධාන බිලි පූජාව නම් මේ වෙද්දි විරෝධතා හේතුවෙන් නැවතිලා.

මම නං කෝවිලේ විතරක් මේ පොඩ්ඩක් වටපිටාවෙත් ඇවිදල බැලුව.

කොළඹ ඉඳලා එනවනම් පුත්තලම් පාරෙ හලාවතට ඇවිල්ලා හලාවතින් කුරුණෑගල පාරේ කිලෝමීටරයක් විතර එද්දි මුන්නේශ්වරම් කෝවිල දැක ගන්න පුළුවන්.හලාවත ඉදන් බස් එකේනම් රුපියල් 15යි.

එහෙනම් හරෝ හරා…

spot_img

Read More

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here