Sunday, April 27, 2025

හලාවත ප්‍රදේශයේ ගින්නකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට

Published:

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අවාසනාවන්ත සිද්ධිය ඊයේ රාත්‍රියේ සිදුවිණි.

මෙම ගින්න ඊයේ රාත්‍රියේ ඇතිවී තිබු අතර ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළසිරුරු සොයාගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

එකම පවුලේ 42 හැවිරිදි පියා, 40 හැවිරිදි මව සහ 15 හැවිරිදි දියණියක් මෙම ගින්නෙන් ජිවිතක්ෂයට පත්ව තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබනවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img