ග්‍රේට් වෙස්ටර්න් කඳු තරණය කියන්නේ ශ්‍රී ලංකාවේ හත්වන උසම කඳු තරණයයි. මෙය 2215m ක් උසයි. ග්‍රේට් වෙස්ටර්න් කඳු නැගීම තරමක් දුෂ්කර තරණයක් වන නමුත් ආධුනිකයෙකුට පවා ළඟා විය හැකිය. ග්‍රේට්වෙස්ටර්න් යන්න ලෙහෙසිම විදිහ තමයි දුම්රියෙන්. පහළින් ග්‍රේට් වෙස්ටර්න් දුම්රියපොළ ද දැක ගන්න පුලුවන්. ඒ වගේම සුන්දර නුවරඑළියේ වඩාත් ආකර්ශනීය වටපිටාවක් සහිත තලවාකැලේ නගරය, හක්ගල කන්ද, නුවරඑළිය, සින්ගල් ට්‍රී හිල්, රදැල්ල වගේ තැන් මෙතනට දිස් වෙනවා. ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටිය ස්වභාවධර්මයේ සංචාරකයෙකුට කදිම අත්දැකීමකි. Great Western උඩ කෑම්පින් කරන්නත් පුළුවන්.
ගමන් කාලය: නුවරඑළිය සිට ග්‍රේට් වෙස්ටර්න් කන්ද – කිලෝමීටර් 23.6 (පැය 1 විනාඩි 7)
විශේෂ සටහන: ග්‍රේට් වෙස්ටර්න් මවුන්ටන් කඳු නැගීම ඉතා කල්පනාකාරී ගමනක් වීමට හේතුව බඹරුන්ගෙන් කරදර විය හැකිය. බඹර වාසස්ථාන දෙකක් දක්නට ලැබේ. මෙම ස්ථාන දෙක පසුකර යාමේදී ඉතා ප්‍රවේශම් වන්න.



























































