Sunday, April 27, 2025

වන අලින් සිවුදෙනකු ගැටී කොළඹ සිට මඩකලපුව ඉන්ධන ප්‍රවාහනය දුම්රිය පීලි පැනීමකට

Published:

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටී ඇති බවට වාර්තා වෙනවා. ඒ සමගම එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පවසනවා..
මින්නේරිය හා හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය මාර්ගයේ සිටි වන අලින් මෙසේ දුම්රියේ ගැටී ඇති අතර, වන අලින් දෙදෙනකු මිය ගොස් ඇති අනෙක් දෙන්නාට තුවාල සිදු වී ඇති බව ද වාර්තා වෙන්නේ.. කෙසේ වෙතත්, මේ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින් ම ඇනහිට තිබුණා.. දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා පියවර ගෙන ඇති බව අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවසුවා.. 

ඒ හේතුවෙන් පෙ.ව.01/35 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.(පොළොන්නරුව දක්වා පැමිණ ආපසු මඩකලපුව දක්වා ධාවනය වේ.)

පෙ.ව.06/10 ට මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත උදයදේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

පෙ.ව.06/05 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිත උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

පෙ.ව.05/45 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/05 ට ගමන් ආරම්භ වේ.

පෙ.ව.06/50 ට ත්‍රිකුණාමලය සිට ගල්ඔය හන්දිය දක්වා ධාවනය වන සහ දහවල් 12/00 ට ගල්ඔය හන්දිය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වීමට නියමිත දුම්රියන් ද අද දින ධාවනය නොවේ.

ප.ව.03/15 කොළඹ කොටුව – මඩකලපුව (පුලතිසි) නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img