Sunday, April 27, 2025

Teacup – බලන්න හිතෙන Horror ටීවී සීරීස් එකක්

කාලෙකින් බලන්න හිතෙන ටයිප් එකේ Horror ටීවී සීරීස් එකක් ඇවිත් තියනවා. කස්ටිය මේ දවස් වල From සීරීස් එකේ 3 වන සීසන් එක බලන ගමන් ඔලුව විකාර කරගන ඉන්න අතරේ ටිකක් ඒ ටයිප් එකේම සීරීස් එකක් කියලා හිතෙන එකක් තමයි මේ..

සීරීස් එක Teacup. මේක Ian McCulloch විසින් තමයි ටෙලිවිෂනයට අරන් එන්නේ. සීරීස් එක පාදක වෙලා තියෙන්නෙ Stinger නමින් නිකුත් වුණු Robert R. McCammon ගෙ නවකතාව ඇසුරින්.

ඒ වගේම විශේෂම තවත් දෙයක් තමයි මේ සීරීස් එකේ විධායක නිෂ්පාදනයෙන් දායක වෙන්නෙ James Wan 😎

සීරීස් එකේ මුල් එපි දෙක මේ වෙද්දි නිකුත් වෙලා තියෙන්නේ. සීරීස් එකෙන් කියවෙන්නෙ ඇමරිකාවෙ ජෝර්ජියා වල ගොවිපලකට කොටුවුණු අසල්වාසි පිරිසක් වටා. මේ පිරිසට අද්භූත අත්දැකීම් වලට මූණ දෙන්න වෙනවා මේ ගොවිපලට ආවට පස්සේ.. දැනට කතාව ආරම්භ වෙන්නෙ ඒ විදිහට..

IMDb Ratings 8.5/10 මේ වෙද්දි ලැබිලා තියනවා. බලමු ඉස්සරහටත් මේ විදිහටම නැගලා යයිද කියලා.

සීරීස් එකේ එපිසෝඩ්ස් 8ක් මේ පළවෙනි සීසන් එකට ඇතුළත්. ඉතිරි එපිසෝඩ්ස් සතියට දෙක බැගින් රිලීස් වෙනවා. සෑම සතියකම බ්‍රහස්පතින්දාට..

අන්තිම එපිසෝඩ්ස් දෙක රිලීස් වෙන්නෙ ඔක්තෝබර් 31.

බලන කට්ටියට ඔන්න පොඩි මතක් කිරීමක්..

සීරීස් එක Teacup

අශෝක හදගමයන්ගේ ” රාණි...

ඇල්බොරාදා - අක්ෂරය - ඉනි අවන් ඔබ වෙත ගෙනා...

ගෞතම බුද්ධ මාතා

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ගෞතම බුද්ධ මාතා, තිලංග...

“සෝලෝ ටවුන්”

ආදරයෙන් පිරුණු මායම් නගරයේ කථාව සොලෝ ටවුන්...

බෆලෝ ට්‍රැවල්ස් – Buffalo...

ඔක්තෝම්බර් 25 වන දා සිට දිවයින පුරා.. බෆලෝ ට්‍රැවල්ස් -...

ගිනිඅවි සහ ගිනිකෙළි –...

මේ දිනවල අති සාර්ථක ලෙස තිරගතවන, මැර දේශපාලන...

පාස්පෝර්ට් – Passport

කතාව ,තිර රචනය සහ අධ්‍යක්ෂණය Chris Antony නිෂ්පාදනය :- ආචාර්ය විරංජිත්...