Sunday, April 27, 2025

ගුවන් නියමුවරිය වැසිකිළි ගියපසු ගුවන් නියමුවරයා දොර වසා කල වැඩේට නියමුවරයා සේවයෙන් ඉවතට

Published:

පසුගිය සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයේ හටගත් සිදුවීමක් සම්බන්ධයෙන් එහි ගුවන් නියමුවරයා සේවයෙන් ඉවත් කර ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගුවන් යානය පියාසර කරන අවස්ථාවේදී ගුවන් නියමුවරයා සහ සහය ගුවන් නියමුවරියක් අතර හටගත් ආරවුලක් මෙම සිදුවීමට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

UL607 අංක දරණ එම ගුවන් යානය ගමන් කරමින් තිබියදී සහය නියමුවරිය වැසිකිළිය වෙත යෑම සඳහා කෙටි විවේකයක් ගෙන ඇති අතර, ඇයට නැවත ගුවන් යානයේ නියමු කුටියට (cockpit) පිවිසිය නොහැකි පරිද්දෙන් එය අගුලු දමා වැසීමට අදාළ ගුවන් නියමුවරයා කටයුතු කර තිබෙනවා.

ගුවන් නියමුවරිය නැවත පැමිණියත් එම අවස්ථාවේදී ගුවන් නියමුවරයා නියමු කුටියේ දොර විවෘත කිරීමට ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතට උණුසුම් තත්වයක් හට ගෙන ඇති බවද වාර්තා වෙනවා.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ රෙගුලාසි වලට අනුව ගුවන් යානයක් ගමන් කරන සෑම අවස්ථාවකම නියමු කුටියේ අවම වශයෙන් දෙදෙනෙකු සිටිය යුතු වෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන්සේවය සඳහන් කළේ මගී ආරක්ෂාව සහතික කිරීම  සහ සියලු නියාමන අවශ්‍යතා සමඟ අනුකූලව කටයුතු කිරීම  ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රමුඛ කාර්යයක් බවයි.

ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන්සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් විමර්ශන වාර්තාව ලැබෙන තෙක් එහි ගුවන් නියමුවා (Captain) සේවයෙන් ඉවත්කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img