Sunday, April 27, 2025

මැණික්පාලම (පුංචි නවසීලන්තය)

spot_img

තනිවුනු ගම පුංචි නවසීලන්තය හෙවත් “මැණික්පාලම”😱😮🌳💐🍃🇱🇰

මැණික්පාලම කියන්නේ ලංකාවේ තියෙන සුන්දරම ගමක් කීවොත් වැරදි නෑ. නම කීවට ලංකාවේ මිනිස්සුන්ගෙන් 5% ක් වත් අහල නැතුව ඇති. කොටින්ම කීවොත් ආසන්නතම නගරයක් වන අපි කවුරුත් දන්න “තලවකැලේ” මිනිස්සුවත් මේ ගම ගැන දන්නේ නෑ. එතරම්ම හුදකලා ගමක්…සමහර විටක මේ ගම ආශ්‍රිතව තිබෙන ලංකාවේ දෙවැනි විශාලතම කිරි හරක් ගොවිපල වන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැණික්පාලම ගොවිපල නොතිබෙන්නට මේ ගම තවත් හුදකලා වීමට ඉඩ තිබුණා වගේම මේ ලියමන සතු කතුවරයාවත් මේ ලියමන නොලියා ඉන්නට තිබුනා..මාගේ උසස් අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් පසුව රැකියා පුහුණුව සදහා මා තෝරාගත්තේ මේ ගොවිපලයි.

ඉතින් මේ ගම ආශ්‍රිතව තිබෙන ඉතාමත් අලංකාර camping site එකක් නිසා බිදක් හෝ මේ පිලිබද ජනතව අතර සමාජ මාධ්‍ය ජාලාවල පලවනවා දැකගන්න පුලුවන්. ඒත් ඉතාම සුලුවෙන්. මෙහි ඇති “හරිත කන්ද” නමින් හදුන්වන අති අලංකාර කන්ද නිසා ගම තවත් හැඩවෙනවා.ගම එක් පැත්තකින් මායිම් වන්නේ හෝටන්තැන්න රක්ෂිතයට.කිරිගල්පොත්ත කන්ද හරි ලස්සනට මෙහිදී දැකගන්න පුලුවන්. ඒ වගේම අනික් පසින් හරිතකන්ද සහ පාත්‍රාගල කන්ද යන කදු අතරින් පිහිටි සානුවෙන් බැසගියගොත් බගවන්තලාව යන නගරයට ගල් තලා මතින් චිත්තාකර්ෂණීය තේ වතු යායක් මැදින් බැස යන්නට පුලුවන්.බගවන්තලාව නගරයේ සිට කදුපන්තිය දෙස බැලූකල හරිතකන්ද උඩින්ම දැකගන්න පුලුවන්.ගල් තලාවට ආවම සමනළ කන්ද දෑස් ඉදිරිපිට ඉතාම අලංකාරව දැකගන්න පුලුවන්.ඉර බැසයන සැන්දෑවකනම් එය චිත්‍රයක් වගේ දර්ශනයක්..

මෙයට පිවිසෙන ආකාරය ගැන කතා කලොත් හැටන් වල සිට ආගරපතන කියන නගරයට ගමන් කරන්න ඕනෙ. තලවකැලේ සිට උනත් ගමන් කරන්න පුලුවන්.(32km) එතන ඉදන් බෝපත්තලාව කියන ගමට යන්න ඕනේ.(6km)එතන ඉදන් තවත් 6km ගියාම තමා මැණික් පාලම ගම හම්බවෙන්නේ.බගවන්තලාවේ ඉදන් එනවනම් හැටන් වල ඉදන් දික්ඔය නෝවුඩ් පාරේ බගවන්තලාවට ඇවිල්ලා සානුව ඔස්සේ කන්ද තරණය කරලා එන්න ඕනේ. වාහන කිසිවක එන්න බෑ. අඩුමගානේ බයික් එකක්වත්.වාහන වල එනවනම් අනිවාර්යයෙන්ම “ආගරපතන” හරහා එන්න ඕනේ. ආගරපතන හරහා ඕනෑම වාහනයක එන්න පුලුවන්. කාර් වල එහෙම එනවනම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ.. පාර ටිකක් අවුල් තැන් නැතුවාම නෙවේ…

spot_img

Read More

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here