සුන්දර දොලොස්බාගේ | Dolosbage
ගොඩක් අය මහබාගේ,පිටබාගේ අහල තිබ්බට දොලොස්බාගේ ගැන දන්නෙ හරි අඩුවෙන්.ඇත්තටම මේ දොලොස්බාගේ කියන්නේ අතිශය සුන්දර ලස්සන සෞම්‍ය පළාතක්. මධ්‍යම ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ.ඇත්තටම මේ පැත්ත බලන්න යනවනම් කාලය මග හැරලා යනවනම් තමයි හොදම. අනික මීදුම ගොඩක් තියෙන නිසා ලස්සන view එකක් වගේම හිතට දැනෙන ඇගට feel වෙන අත්දැකීමක් ලබාගන්න ටිකක් මීදුම අඩුවෙනකම් ඉදලා යනවනම් හොඳයි.නැත්තම් පැහැදිලි දර්ශනයක් බලා ගන්න අමාරුයි.




ඉතිං මේ දොලොස්ඹාගේ කියන්නෙ කොළඹ ඉදන් දවසින් උනත් ගිහින් එන්න පුලුවන් ලග තැනක්. Google map එක දාගෙන ගියානම් ලේසියි. ඉතිම් මේ පාරේ දිය ඇලි රාශියක් බලාගන්න පුලුවන් වගේම ලස්සන තේවතු මැදින් තියෙන නුවරඑළිය වගේ අත්දැකීමක් ගන්න පුලුවන්. මේකට පුංචි නුවරඑලිය කියන්නෙත් ඒකයි.



ඒ යද්දි බලන්න පුලුවන් දිය ඇලි,
සොළඹ ඇල්ල
වෙළද ඇල්ල
නළගන ඇල්ල
දුම්මල ඇල්ල
දියන්ගිරි ඇල්ල
රිකිලි ඇල්ල
ගෝන වැටුන ඇල්ල
රුක්මල් ඇල්ල
මේ නලගන ඇල්ල එහෙම කියන්නෙ ලස්සනම දිය ඇල්ලක්.









ඊටපස්සෙ ඔයාට කැමතිනම් කබරගල කන්දත් නගින්න පුලුවන්. කබරගල කියන්නෙ දොලොස්බාගේ කදුපන්තියේ තියෙන උසම තැන. මේ ටිකක් අමාරු ගමනක් හැබැයි උඩට ගියාම තියෙන view එක නම් හරිම ලස්සනයි. කොත්මලේ ජලාසෙ, කොත්මලේ මහ සෑය වගේම ලස්සන view එකක් මේකට තියෙනවා. ඒ වගේම Camping කරන අයටත් මෙතන මරු place එකක්.
ඊට පස්සෙ තව ඕනේ නම් එහෙන්ම නාවලපිටිය පැත්තේ ගිහින් නාවලපිටිය ගල්පොත්තෙන් නාන්නත් පුලුවන් තව රාස්සගල, ගලබඩ, කඩියන්ලෙන ඇල්ල උනත් බලන්න යන්න පුලුවන්, තව එහෙන්ම නුවරඑළියේ යන්නත් පුලුවන්.
නැත්තන් ගම්පොල පැත්තට ඇවිත් අම්බුලුවාව නුවර පැත්තේ ඕනම දෙයක් බලන්න යන්නත් පුලුවන්. ඉතිම් මේක ලස්සනම පාරක් එක වතාවක් හරි ගිහින් බලන්න.








යන්නෙ මෙහෙමයි
කොළඹ හෝ රත්නපුර සිට එන අයට අවිස්සාවේල්ලට ඇවිත්,
කරවනැල්ල , රුවන්වැල්ල හරහා ගලිගමුව පැත්තට එනකොට
හමුවෙන වරාවල වටරවුම අසලින් දකුණු පැත්තට හැරි බුලත්කොහුපිටිය මාර්ගයට ප්රවිශ්ඨ වීමෙන්
බුලත්කොහුපිටියට පැමිණ එම නගරයෙන් දේදුගල මාර්ගය හරහා දොලොස්භාගේ දෙසට ගමන් කරන
ඔබට මෙම සුන්දර ස්තාන දැක බලා ගත හැක..
කෑගල්ල දෙසින් එන අයට හෙට්ටිමුල්ල , මොරොන්තොට , මොරදන , උදුගොඩ හරහ
බුලත්කොහුපිටියට එන්න පුළුවන් තව විකල්ප මාර්ග භාවිත කරන්නත් පුළුවන් .
යාලුවෝ සෙට් එකත් එක්ක බයික්වල road trip එකක් යන්න කියාපු පාරක් තමා මේක.
අන්තිමට කියන්න ඕනේ මේක ගොඩක් දෙනෙක් නොදන්න හැංගිලා තියෙන ලස්සනම පරිසරයක් නිසා ගිහින් සුන්දරත්වය විදගෙන මතක සටහන් පමනක් අරන් එන්න.