Wednesday, April 30, 2025

පෘථිවියේ ස්ථිර ලෙස ‌ජනාවාස වූ සීතලම ජනාවාස

Published:

ඔයිමියාකෝන් යනු රුසියාවේ සකා ජනරජයේ Oymyakonsky දිස්ත්‍රික්කයේ යානා – ඔමියාකෝන් කඳුකරයේ පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක් සහ පෘථිවියේ ස්ථිර ලෙස ‌ජනාවාස වූ සීතලම ජනාවාසය වන අතර සාමාන්‍ය ශීත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ‌ 50 ක් පමණ වේ.

සොබා දහමට අභියෝග කරන මිනිසුන් කොට්ඨාසයක් ජීවත් කරවන ඔයිමියාකෝන් ගම්මානයේ බහුතර ජනතාව සාම්ප්‍රදායික රුසියානුවන් සහ සයිබීරියානු යකුට්ස්කි වරුන් ගෙන් සමන්විතය. ගම්මානයේ උච්චතම ජනගහනය 2,500 ක් පමණ වූ නමුත් පසුගිය දශක කිහිපය තුළ ජනගහනය සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර අද වන විට එම සංඛ්‍යාව 500 කටත් වඩා අඩුවී ඇත. ජීවිතයක් කට‌ුකත්වය සැබෑවටම අර්ථ ගන්වමින්, හිරු උදාවන සෑම දිනයකම ස්වභාවධර්මය සමඟ ඔට්ටු වෙමින් තම ජීවිතය ගැට ගසා ගන්නට වෙරදරන සොඳුරු ජන කොට්ඨාසයක් වන ඔයිමියාකෝන් හි වැසියන් ඉතා මිත්‍රශීලී සහ සංග්‍රහ ශීලී වේ.

ඔමියාකෝන් හි කිසිදු අවන්හලක් හෝ නවාතැන් පොළක් ස්ථාපිතව නොමැති අතර පැමිණෙන ඕනෑම අමුත්තෙකුට නවාතැන් ගැනීමට සිදුවන්නේ ගම් වැසියන් ජීවත් වන දැවයෙන් සාදන ලද කුඩා නිවසකය. ගම්මානයට ඇත්තේ ‌එක් වෙළඳසැලක් සහ එක් කුඩා පාසැලකි. උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 55 ඉක්මවන දිනයන්හිදී පාසැල ‌වසා දැමීමට කටයුතු කරයි.

අධික ශීතල නිසා කිසිදු බීජයක් ප්‍රරෝහණය නොවන බැවින් ඔමියාකෝන් හි කිසිඳු ගොවිපළක් දක්නට නොලැබේ. එහි ජීවත්වන ජනතාව මාංශමය ආහාර ‌සහ පිරිසිදු කිරි සහ කිරි ආශ්‍රිත නිශ්පාදන මගින් පෝෂණය ලබා ගන්නා අතර දේශීය ආර්ථිකය සත්ව පාලනය, ලොම් වෙළදාම සහ අයිස් මසුන් ඇල්ලීම ‌මත පදනම් වී ඇත.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img