Saturday, April 26, 2025

ඇලකන්දිය හන්දියෙන් මතු වූ සුදු අක්කා

Date:

Share post:

මමයි මගේ තව යාලුවො දෙන්නෙක්ටයි මේ දේ සිද්ද උනේ දැනට ටික කාලෙකට කලින්..
මම හොල්මන් විශ්වාස කලේ නැ ඒත් මේ සිද්දියෙන් පස්සේ මම ඕනාවටත් වඩා හොල්මන් විශ්වාස කරනවා.

එදා දවසේ අපි තුන්දෙනා ගියේ මලගෙදරක අපි අඳුරන යාලුවෙකුගේ අම්මා කෙනෙක්ගේ. අපේ ගෙවල් හරියේ තියෙනවා ඇලකන්දිය කියලා තැනක්. එක ඉස්සර JVP කලබල කාලේ මිනිස්සු ගොඩක් මරපු පොට් එකක් තමා. හවස 6 න් පස්සේ ගියපු ගොඩක් අයට බබා හම්බුනා. ඒ නිසා කවුරුත් වැඩිය එහෙන් යන්නෙ නැ. එදා කොහොමහරි අපි තුන්දෙනා එතනින් ගියා වෙන කතාවක හිටපු නිසා එතැන මතක් උනේ නැ. නැත්නම් අපි ඔය පැත්ත පලාතෙන් මලාට යන්නේ නැ.
කොහොම හරි බාගයක් දුර යනකොට එකපාරටම අපේ එක යාලුවෙක් යටිගිරියෙන් කෑ ගැහුවා. මායි අනිත් යාලුවයි දෙන්නම හොල්මන් ඒ මොකෝ උනේ කියලා. පස්සේ අපි ඇහුවා මොකෝ උනේ කියලා එතකොට කෑ ගහපු යාළුවා කිව්වේ කව්දෝ මගේ කරට අත දාලා යන්න එපා කිව්වා කියලා කිව්වා. අපිට කරකියාගන්න දෙයක් නෑ. එවලේ තමයි මතක් උනේ අපි යන්නේ වැරදි පැත්තෙන් කියලා. දැන් ඉතින් මොනා කරන්නද ආපහු හැරිලා යන්නත් බැ. ගොඩක් දුර ඇවිල්ලත් එක්කනේ.

ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා හිමිට අපි ගියා. ගෙදරට කිලෝමීටර් බාගයක් විතර තියනකොට යන්න තියෙන්නේ වෙල මැද්දේන්නේ කියලා අපි හිනා උනා විතරයි, සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් අපි මැද්දෙන් දුවන් ඇවිත් ඇලට පැන්නා. මාව අල්ලගත්තු මගේ අනිත් යාලුවා මාවත් ඇදගෙන දිව්වා. උන දේට මගෙ කකුල් පන නැතුව හිටියේ. එහෙන්ම සිහිය නැති වෙලා මට

Ghost Story
Ghost Story

ඔයාලට තාම බලාගන්න පුලුවන් මාලබේ නෙවිල් ප්‍රනාන්දු හොස්පිට්ල් එක ලග තියන වෙල ලග පාර.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Related articles

ඔයත් ඉන්නේ Toxic Relationship එකකද ?

ඇත්තෙන්ම මොකද්ද මේ toxic මිනිස්සු කියල කියවෙන කාරණාව. කවුද මෙයාලා. මේ අය හමු වුනොත් ඔයාගේ ජීවිතේ දී ඔයාට...

රාජ TV ටෙලිකාස්ට් සමඟ එකතු වුනු “මාස්ටර් සර්” “අසිනි” – සවිනි යකුපිටිය

● සවිනි, ඉතින් මේ දවස් වල කොහොමද ? කාර්යබහුලයිද ? කාර්යබහුලයි...

“මාස්ටර් සර්” ක්ලාස් එකට ඇවිත් යමුද?

අරුණ ජයවර්ධනයන් ගේ නවතම ටෙලි අධ්‍යක්ෂණයක් වන “මාස්ටර් සර්” දැන් හිරු ටීවී ඔස්සේ රාත්‍රී 9 ට විකාශය වේ....

Zanetti දුම්රියේ අත්භූත අතුරුදහන් වීම

කාලතරණය කර අතුරදන් වූ බව කියන Zanetti දුම්රියේ අත්භූත කතාව ගැන අහලා තියෙනවද ?මොකද්ද මේ දුම්රියකට වෙන අමනුෂ්‍ය...