Sunday, April 27, 2025

රාත්‍රීයේ සද එලියට දිදුලන – සීගිරිය

Date:

Share post:

රාත්‍රීයේ සද එලියට දිදුලන – සීගිරිය

සීගිරිය මුදුනේ බොහෝ තැන් නිමවනලෙස අතුරා තිබෙන්නේ චන්ද්‍ර කාන්ති පාෂාණ..ඒනිසා සීගිරියට ඉහලින් පායන හඳට පුළුවන් රාත්‍රියේ මුළු සීගිරිය ම බබලවන්න…ඒ අත්දැකීම සියැසින් දකින්න ඔබට බොහෝ විට අවස්ථාවක් නොලැබේවි.එනිසා මගේ නෙත් පින් කළ ඒ දසුන් ඔබගේත් දරුවන්ගේත් දැක ගැනීම පිණිස ඔබ වෙත එවමි..

( seven days in Sigiriya with prof. Raj somadewa )

ප.ලි.

සීගිරියට පෙම් බඳින ඇතමෙකු මෙම දර්ශනය දැකීමෙන් එය සීගිරියේ ආරක්ෂාවට යම් තර්ජනයක් වේ යැයි අනිසි බියක් ඇති කරගනු ඇති. නමුදු ” සඳකත් මිණ, Moonstrone ,පූනක්කන් ” යන නාමයන්ගෙන් හඳුන්වන මෙම පාෂාණය එතරම් දුර්ලභ හෝ මිල අධික පාෂාණයක් නොවන බව දන්වමි. මැණික් පතල් ආශ්‍රිත බොහෝ ප්‍රදේශවලින් අද ද මෙය සොයා ගත හැකි පාෂාණ විශේෂයකි.

එනිසා අප මෙහි අවධානය යොමු කළ යුත්තේ ලංකාවේ අතීත නිර්මාණ කෙතරම් කලාත්මක වූවා ද යන්න පමණි.එදා මෙදාතුර ගෙවුණු කාලය පුරාවට අපි කෙතරම් වටිනාකම් උපයාගත්තේ ද යන්න සිතීම පමණි.

මන්ද උරුමය යනු කළු තිරයකින් වසා රැක ගත යුතු දෙයක් නොවන බවත් ඒ තුළින් ජාතියක් ලෙස නැගී සිට එය සංරක්ෂණය කිරීමට කටයුතු කළයුතු බවත් මා තරයේ විශ්වාස කරන නිසාවෙනි.

මෙය මා හට තනිව කළ නොහැකි වනු ඇති.නමුදු අප සියල්ලන් ම එක් වූ කළ මෙය සිහිනයක් නොවෙනු ඇත.

📸 චායාරූප සහ ලිපිය උපුටාගැනීම සිදුකලේ Eranda Gunasekara මහතාගෙන් 🙏

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Related articles

ඔයත් ඉන්නේ Toxic Relationship එකකද ?

ඇත්තෙන්ම මොකද්ද මේ toxic මිනිස්සු කියල කියවෙන කාරණාව. කවුද මෙයාලා. මේ අය හමු වුනොත් ඔයාගේ ජීවිතේ දී ඔයාට...

රාජ TV ටෙලිකාස්ට් සමඟ එකතු වුනු “මාස්ටර් සර්” “අසිනි” – සවිනි යකුපිටිය

● සවිනි, ඉතින් මේ දවස් වල කොහොමද ? කාර්යබහුලයිද ? කාර්යබහුලයි...

“මාස්ටර් සර්” ක්ලාස් එකට ඇවිත් යමුද?

අරුණ ජයවර්ධනයන් ගේ නවතම ටෙලි අධ්‍යක්ෂණයක් වන “මාස්ටර් සර්” දැන් හිරු ටීවී ඔස්සේ රාත්‍රී 9 ට විකාශය වේ....

Zanetti දුම්රියේ අත්භූත අතුරුදහන් වීම

කාලතරණය කර අතුරදන් වූ බව කියන Zanetti දුම්රියේ අත්භූත කතාව ගැන අහලා තියෙනවද ?මොකද්ද මේ දුම්රියකට වෙන අමනුෂ්‍ය...