Sunday, April 27, 2025

ලෝක රොබෝටික්ස් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

Date:

Share post:

ග්‍රීසියේ පැවති 06 වැනි ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට (06th Global Challenge Robotic Competition) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිසුන් 05 දෙනෙක් ඉංජිනේරු නිර්මාණයක් (Engineering Disign Best in World) ඉදිරිපත් කර එම තරගාවලියේ ලෝකයේ විශිෂ්ටතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනාගෙන පෙරේදා (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී ඉකුත් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා ලෝකයේ රටවල් 193ක තරගකරුවන් 1,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබිණි.

එහිදී මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ ඉංජිනේරු නිර්මාණය ලෝකයේ සියලු රටවල් අභිභවා ප්‍රථම ස්ථානයට පත් වී තිබිණි. මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටත් තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමි වී තිබිණි.

රවීන් අකුරැටියාව, තරුල් සේනානායක, හිවීන් රාමචන්ද්‍ර, සුපුල් බද්දේගම සහ මලීක රැඩිගල මෙම තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෝ වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Related articles

ඔයත් ඉන්නේ Toxic Relationship එකකද ?

ඇත්තෙන්ම මොකද්ද මේ toxic මිනිස්සු කියල කියවෙන කාරණාව. කවුද මෙයාලා. මේ අය හමු වුනොත් ඔයාගේ ජීවිතේ දී ඔයාට...

රාජ TV ටෙලිකාස්ට් සමඟ එකතු වුනු “මාස්ටර් සර්” “අසිනි” – සවිනි යකුපිටිය

● සවිනි, ඉතින් මේ දවස් වල කොහොමද ? කාර්යබහුලයිද ? කාර්යබහුලයි...

“මාස්ටර් සර්” ක්ලාස් එකට ඇවිත් යමුද?

අරුණ ජයවර්ධනයන් ගේ නවතම ටෙලි අධ්‍යක්ෂණයක් වන “මාස්ටර් සර්” දැන් හිරු ටීවී ඔස්සේ රාත්‍රී 9 ට විකාශය වේ....

Zanetti දුම්රියේ අත්භූත අතුරුදහන් වීම

කාලතරණය කර අතුරදන් වූ බව කියන Zanetti දුම්රියේ අත්භූත කතාව ගැන අහලා තියෙනවද ?මොකද්ද මේ දුම්රියකට වෙන අමනුෂ්‍ය...