කතාව ,තිර රචනය සහ අධ්‍යක්ෂණය
නිෂ්පාදනය :- ආචාර්ය විරංජිත් තාඹුගල
මෙරට සිංහල සිනමාවට එකතු වූ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන ක්‍රිස් ඇන්තනි ” අපේ ප්‍රින්සිපල් ‘ චිත්‍රපටය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් අධ්‍යක්ෂවරයෙකි. සාර්ථකව තිරගත වූ ” අපේ ප්‍රින්සිපල් ” චිත්‍රපටය ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය වූවද ප්‍රථමයෙන් තිරගතවිය. ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වන PASSPORT චිත්‍රපටය අද (04) සිට MPI ප්‍ර්‍රදර්ශනය මණ්ඩලය ඇතුලුව දිවයින පුරා සියළුම සිනමාශාලාවල තිරගතවේ.

කඳුකරයේ ජීවත් වන තරුණයින් දෙදෙනෙකු විදෙස්ගත වන්නට හීන මවමින් සිටින අතර
ඔවුන්ගේ අරමුණ වන ඉතාලි යෑමේ සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් නොයෙක් අවස්ථාවල රැවටීම් වලටද හසුවන අතර ඒ ඒ සියලු අවස්ථා වලට පසුබට නොවී තමන්ගේ අධිෂ්ඨානය සපල කර ගැනීමට ගන්නා උත්සාහයන් අතරේ මුහුණ දෙන්න සිදුවෙන අනපේක්ෂිත සිද්ධි මාලාවක් පාදක කරගෙන ත්‍රාසය ,කුතුහලය, ආදරය මැදින් ගලා යන ඉතාලිය, ඔස්ට්‍රියාව ,ඉන්දියාව සහ මෙරට ඇතුළුව රමණීය දර්ශන තල වල රූ ගැන්වුණු සුන්දර චිත්‍රපටයක් වන PASSPORT චිත්‍රපටයේ අත්දැකීම විඳගන්න ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරන අතර ජගත් චමිල / නයනතාරා වික්‍රමාරච්චි / ධර්මප්‍රිය ඩේස් මහේන්ද්‍ර පෙරේරා /දර්ශන් ධර්මරාජ්/රොෂාන් පිලපිටිය/ මල්කාන්ති ජයසිංහ / අතුල ජයසිංහ / ප්‍රියන්ත සෙනෙවිරත්න/තුෂාරි වේහැල්ල ඇතුළු නළු නිළියන් රැසක් දායක වන අතර

කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වජිත් කරුණාරත්න, ප්‍රියන්ත මලවිගේ නිරෝෂන් එදිරිමාන්න
සංස්කාරක සහ වර්ණ රචනය – ශාන් අල්විස්
කලා අධ්‍යක්ෂණය – අරුණ ඩයස්
රේඛීය නිෂ්පාදක – ලලිත් වරුණ රාජපක්ෂ
සංගීත අධ්‍යක්ෂණය – සුදත් ජයසිංහ
ඇඳුම් නිර්මාණ – සවන් පවිත්‍රා
වේශ නිරූපණ ශිල්පියා – රුචිර සංජීව
නිෂ්පාදන කළමනාකරු – එස් සර්වාන්
ශබ්ද නිර්මාණ – සෂින් ගිම්හාන පෙරේරා
ගී පද – නිලාර් එන් කැසිම් / කැලුම් ශ්‍රීමාල් / ශ්‍යාමා ජයසිංහ
ගායනය – සුපුන් පෙරේරා/ මීනා ප්‍රසාදි / මිහිඳු ආරියරත්න/ ඉන්දික රුවන් / සුදත් ජයසිංහ
ඇතුළු ශිල්පීන් පාස්පෝට් චිත්‍රපටිය සඳහා සිය දායකත්වය ලබා දී ඇත.