උතුරු තායිලන්තයේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් අලි අභයභූමියක් වන Elephant Nature Park සම්පුර්ණයෙන්ම ජලයෙන් යට විය. මෙම ගංවතුරට හසුවූ අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර සංචාරකයින් සමඟ තවත් 100 දෙනෙකු පමණ අභයභූමියෙන් ඉවත් කිරීමට අදාල බලධාරීන් පියවර ගත්තේය.
චියැං මායි නගරයට නුදුරින් ඇති Elephant Nature Park හි සිටි සියයකට අධික අලි උස් බිම්වල ආරක්ෂාව සොයා ගැනීම සඳහා ගැඹුරු ජලය හරහා ගමන් කළේය.
“ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අප මෙතෙක් කර ඇති විශාලතම ඉවත් කිරීම එයයි, ජලය වේගයෙන් ඉහළ ගියා,” Elephant Nature Park නිර්මාතෘ Saengduean “Lek” Chailert පැවසුවේ, උද්‍යානය මෙතෙක් අත්විඳින ලද දරුණුතම ගංවතුර ලෙස මෙම ගංවතුර හැඳින්විය හැකි බවයි.
ඇත්ගොව්වන් ලෙස හඳුන්වන අලි ඇතුන් සමඟ වැඩ කරන උද්‍යාන කාර්ය මණ්ඩලය, “යන්න, දිගටම යන්න” යනුවෙන් කෑගසමින්, ඔවුන් තම හෙණ්ඩුවෙන් අධික ගංවතුර හරහා මේ සද්දන්තයන්ව හසුරවන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.