Monday, April 28, 2025

33,000 ක් මිනිසුන් එක තැන වැළලු කෘෘරතර ලෝක ඉතිහාසය

Published:

1941 සැප්තැම්බර් 29 සහ 30 දෙදින තුළ නාසීන් විසින් අල්ලා ගත් යුක්රේන් අගනුවර කියෙව්හිදී මිනිසුන් 33,000 කට වැඩි පිරිසක් වෙඩි තබා ඝාතනය කළ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් යුදෙව්වන් ය.

එය මරණයේ එකලස් කිරීමේ මාර්ගයක් විය. බබී යාර් ඝාතණ පිලිබද වැඩි දුරටත් පරීක්ෂනය කරන Anna Furman පවසා තිබුනේ ‘‘ අපට හඳුනා ගැනීමට හැකි වූ ළාබාලතම බිළිඳා නම් දින දෙකක් පමණක් වූ ළදරුවෙක්” ඇනා ෆර්මන්ට මේ වන විට නම් 28,300 ක් පමණ හඳුනා ගැනීමට හැකි වී තිබේ.

“පසුගිය වසරේදී නව නම් 1000 කට වැඩි ප්‍රමාණයක් එකතු කර ගත් බව” යුක්රේන බබි යාර් අනුස්මරණ මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු https://www.dw.com වෙත පැවසීය.

1944 දී යුක්රේනය ඡර්මන් හමුදාවන්ගෙන් නිදහස ලැබීමට පෙර 70,000 ත් 100,000 ත් අතර පිරිසක් මිය ගිය බවට ගණන් බලා තිබේ. මියගිය අය අතර සින්ති සහ රෝමා, කොමියුනිස්ට්වාදීන් සහ යුද සිරකරුවන් ද ඇතුළත් ය.

බේබින් යාර් ලෙසද හැඳින්වෙන බබී යාර් පිහිටීම එය යුක්රේනයේ වඩාත් ප්‍රසිද්ධ ඝාතක අඩවිය වේ.

දෙවන ලෝක සංග්‍රාමයේදී එවැනි ස්ථාන බොහෝමයක් තිබුනද, ඉතිහාසයේ බබී යාර්ට සුවිශේෂී ස්ථානයක් හිමි වූයේ, වින්දිතයින් සිහිපත් කිරීමේ ක්‍රියාව දශක ගණනාවක් තිස්සේ යටපත් කර සැඟවාතැබූ නිසා ය.

ඡර්මනිය විසින් සෝවියට් දේශය ආක් රමණය කර මාස තුනකට පමණ පසු 1941 සැප්තැම්බර් 19 දා නාසි හමුදා සෝවියට් යුක්රේනයේ අගනුවර වූ කියිව් වෙත ගමන් කළහ.

දින කිහිපයකට පසු, නගර මධ්‍යයේ පදිංචි කරුවන් පදිංචි වී සිටි ගොඩනැගිලි කිහිපයක්ම ඡර්මානුවන්ට එරෙහිව කීවි නුවර විරෝධතාකරුවන් විසින් පුපුරුවා හරින ලදි.

සමූල ඝාතනයක් දියත් කිරීමේ කඩතුරාවක් ලෙස නාසීන් මෙය ක්ෂණිකව භාවිතා කළහ. මිලියනයකට අධික ජනගහනයක් වෙසෙන නගරය පුරා අත් පත්‍රිකා බෙදා හරින ලද අතර, 1941 සැප්තැම්බර් 29 වන දින පෙ.ව. 8:00 ට කියෙව් නගරයට නුදුරින් වූ මංසන්ධියක පෙනී සිටින ලෙස යුදෙව්වන්ට නියම කළහ.

ඔවුන් මුදල් සහ උණුසුම් ඇඳුම් ගෙන ඒමට නියමිතව තිබුණි. පැමිණීම ප්‍රතික්ෂේප කළ ඕනෑම අයෙකුට නිවසටම පැමිණ වෙඩි තබනු ඇත.

නගර මංසන්ධියට එකතුවු මිනිසුන්ට ඇඳුම් ගලවන ලෙස නියෝග කරන ලදී. පසුව ඔවුන් මිටියාවත අද්දරට ගෙන බෑවුමකට තල්ලු කර බෑවුම උඩ පේලියකට හිද පහත සිටි සියලු මිනිසුන්ට වෙඩි තැබූහ.

ඝෝෂාකාරී සංගීතය සහ ගුවන් යානයක් ඉහළින් කැරකැවෙමින් තිබු අතර එමඟින් කෑගැසීමි විලාපයන් සහ වෙඩි තැබීම් ගිලී ගියේය

.සංහාරයට වගකිව යුත්තේ නැගෙනහිර යුරෝපයේ සිදු වූ මහා සංහාරයට සහභාගී වූ Einsatzgruppe C නැමති ඡර්මන් සොන්ඩර්කොමන්ඩෝ 4 ඒ ය.

එය මෙහෙයවනු ලැබුවේ යුක්රේනයේ එවැනිම වෙනත් මෙහෙයුම් වලට සම්බන්ධ වූ එස්එස් නිලධාරී පෝල් බ්ලොබෙල් විසිනි. නියුරම්බර්ග් නඩු විභාගයකින් ඔහු වරදකරු වී මරණ දඩුවමි ලැබීය .

යුදෙව්වන් ඝාතනය කිරීමට යුක්රේන ප්‍රාදේශීය “සහායක පොලිසිය” ද සහභාගී විය.

එබැවින් එය යුක්රේන ඉතිහාසයේ සමූලඝාතනය මෙන් ම බොහෝ කලක් යටපත් කර තිබූ පරිච්ඡේදයකි.

Credits : ප්‍රදීප් පීරිස්

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img