Sunday, April 27, 2025

දියණිය ගැන ඇසුන ඛේදනීය පුවතින් හද සසල වී මියගිය මවක්

Published:

තම දියණිය ලිංගික අපයෝජනයට ලක්වූ බවට පුද්ගලයෙකුගෙන් ලැබුණු ඇමතුමක් හේතුවෙන් ඉන්දියාවේ අග්‍රා නගරයේ පාසල් ගුරුවරියක් හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා වංචනිකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගුරුවරිය අමතා ඇයට තර්ජනය කර ඇත්තේ තම දියණියට සිදු වූ ලිංගික අපයෝජනය හෙළි නොකරන්නේ නම් රුපියල් ලක්ෂයක් ගෙවන ලෙසයි.

මියගිය කාන්තාවගේ පුත්‍රයා ප්‍රකාශ කරන්නේ පසුගිය 30 වැනිදා දහවල් 12 ට පමණ මවට දුරකථන ඇමතුමක් ලැබුණු අතර එහිදී තම සහෝදරියගේ අනන්‍යතාව හෙළි නොකිරීමට වංචනිකයින් මවගෙන් මුදල් ඉල්ලා සිටි බවයි.

දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි බවද ඔහු සඳහන් කළේය.

මව ඔහුට කතා කර සිද්ධිය පැවසූ බවත්, දුරකථන අංකය පරීක්ෂා කිරීමේදී එය සයිබර් අපරාධකරුවන්ගේ වංචනික ඇමතුමක් බව ඔහු මවට පැවසූ බවත් මාධ්‍ය වාර්තා කරයි.

තමා සිය සොහොයුරියට කතා කර ඇයට කරදරයක් නොමැති බවට තහවුරු කරගෙන මවට පැවසුවද, ඇයට ලැබුණු ඇමතුමෙන් පසු ඇති වූ ආතතිය පාලනය කර ගැනීමට නොහැකිව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරුණු බවයි ඔහු පවසන්නේ.

රෝහලට රැගෙන ගියද හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගිය බවද ඔහු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පවුලේ අය ජග්දීෂ්පුර පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img