දකුණු ලක පුංචි නුවර එලිය ලෙස විරුදාවලි ලත් ගොන්ගල බෙහෙවින්ම උඩරට කදුකරයට සමාන දකුණු හා සබරගමු පලාත් වලට මායිම්ව පිහිටි දෙනියාය රක්වාන මාර්ගයේදි හමුවන සුන්දර කදු පන්තියකි..
ගොන්ගල ශ්‍රී ලංකාවේ උසින් 15 වන කදුමුදුන වන අතර එහි උස අඩි 4455 ක් පමණ වේ.
ගොන්ගල කන්ද සිංහරාජ වනයෙන් හුදකලා වු කදු ප්‍රදේශයක් වන අතර ගොන්ගල යන නාමය මෙම කන්දට ලැබී ඇත්තේ ගොනෙකුගේ හිස ආකාරයට පිහිටි විශාල ගල් පර්වතයක් ලෙස මේ පර්වතය පිහිටීම නිසාය.
සීත මීදුමින් නැහැවෙන මෙම කදුකර ප්‍රදේශය දේශි සංචාරකයන්ගේ වැඩි ඇස ගැටීමක් නොමැති නිසා තවමත් ස්වභාවිකත්වය ආරක්ෂා වෙමින් පවතී නමුත් බොහෝ දේශීය සංචාරකයින් මේ වන විට ගොන්ගල කන්ද තරනය කරයි ඒ එහි ඇති සුන්දරත්වය නිසාවෙමිනි.
විශාල ගල් තලාවකින් මුදුනත නිර්මාණය වී ඇති ගොන්ගල කදු පන්තිය ස්වභාව ධර්මයේ තවත් අපූර්ව නිමැයුමකි ගමන ඇත්තේ කැලෑවක් මැදින් බැවින් වදුල ඉතා සිසිල්ය.
අතරින් පතර ගලා යන කුඩා දිය පහරවල් කිහිපයකි. ඒවා ගිං ගඟෙහි ආරාම්භක ජල පෝෂක ප්‍රදේශයන්ය.
පැල්මඩුල්ල – මාදම්පේ – රක්වාන- සූරියකන්ද හරහා හේස් වත්තට ලගාවී හේස්වත්ත මැදින් ඇති දුශ්කර මාර්ගයක කදුමුදුනට ලගාවිය හැකිය.
එම මාර්ගය අවසන් වන්නේ නාවික හමුදාවෙ ප්‍රධාන නාවික සන්නිවේදන පද්දතිය හා අනෙකුත් මාධ්‍ය ආයතන වල විකාශන කුළුණු ස්තාපිත කර ඇති අධිආරක්ෂිත කලාපයෙනි.
නියම ගොන්ගල කන්ද තරනය කිරීමට නම් මෙම ස්තානයේ සිට කිලෝමීටර් 3ක් පමන ඝන කැලය මැදින් ගමන්කල යුතු අතර නාවික හමුදාවේ විශේෂ අවසරයක් නොමැතිව මෙම ස්ථානය පසුකල නොහැක.
කන්දේ එක් පසකින් නොපෙනෙන මානයට විසිරී ගිය සුන්දර සිංහරාජ අඩවියත් අනෙක්පසින් මධ්‍යමකදුකරයේ කදුපන්ති හා තවත් පසකින් වියලිකලාපයේ විශාල ප්‍රදේශයක් දිස්වන මෙම කදුමුදුනේ ඇති සුන්දරත්වය අපමනය