Sunday, April 27, 2025

ශ්‍රී ලංකාවේ අතහැර දැමූ කුඩාම ගම්මානය වල්පොලමුල්ල

Published:

නකල්ස් මායිමේ පිහිටි වල්පොලමුල්ල ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ කුඩාම අතහැර දැමූ ගම්මානය ලෙස සැලකෙන අතිශය සුන්දර ගම්මානයකි වල්පොලමුල්ල.

වල්පොලමුල්ල යනු ශ්‍රී ලංකාවේ කුඩාම ගම්මාන ලැයිස්තුවේ පළමු ගම්මානයකි.

ඇතැම් දත්ත වාර්තාවලට අනුව සහ විවිධ මූලාශ්‍රවලට අනුව දැනට මිනිස් වාසයකින් තොරව අතහැර දමා ඇති ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ කුඩාම ගම්මානය වල්පොලමුල්ල බව සඳහන් වේ.

මාතලේ දිස්ත්‍රික්කයට පැමිණෙන බොහෝ සංචාරකයින් මාතලේ සහ රිවර්ස්ටන් අවට ඇවිද ගියද මෙම ගම්මානය බොහෝ දෙනෙකුට මග හැරෙන ස්ථානයකි.

එය දුම්බර මිටියාවතේ නකල්ස් රක්ෂිතයේ පිහිටා තිබීමද විශේෂත්වයකි.

මාතලේ සිට රත්තොට පාරේ ගොස් රිවර්ස්ටන් සහ පිටවල පතන පසුකර ඉලුක්කුඹුර මාර්ගයෙන් ඇටන්වල ​​ගම්මානයට ළඟා විය හැකි අතර එය මෙම සුන්දර ගම්මානයට ඇතුල් වේ.

මෙම ගම්මානයට පිවිසෙන මාර්ගය තරමක් දුෂ්කර වන අතර කිසිදු ප්‍රවාහන පහසුකම් නොමැතිව කිලෝමීටර් හතරක පමණ දුරක් ඉතා දුෂ්කර වනාන්තර මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමෙන් මෙම ගම්මානයට ළඟා විය හැකිය.

මෙම ගම්මානයට ප්‍රවාහන පහසුකම් දුෂ්කර වීමත් වන අලි, වන සතුන්ගෙන් සිදුවන හිරිහැර මෙන්ම ජල ප්‍රශ්නයත් නිසා මෙහි ජීවත් වූ සීමිත පවුල් සංඛ්‍යාවක් මෙම ගම්මානය අතහැර දමා ඇත.

දැනට මෙම ගම්මානයේ ඉතිරිව ඇත්තේ අතහැර දැමූ වෙල්යායක් සහ නිවසක් සහ තවත් නටඹුන් කිහිපයක් පමණි.

නකල්ස් රක්ෂිතයේ දුම්බර මිටියාවතේ පිහිටි මෙම ගම්මානය විශ්මය ජනක දුම්බර කඳුකරයට මුහුණලා ඉතා මනරම් දර්ශන වලින් සමන්විත වේ.

එක පැත්තකින් යෝධයෝ වගේ හිටගෙන ඈතට පේන දුම්බර කඳුවැටියත්, කැලේ මැදින් වැටෙන මනරම් දුම්බර දියඇලිත් ඈතින් පෙනෙනවා. මෙම සුන්දර ගම්මානයේ.

වල්පොලමුල්ල ගම්මානය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේම කුඩාම ගම්මානය ලෙස ඇතැම් මූලාශ්‍රවල සඳහන් වන අතර එහි නිරවද්‍යතාවය ගැන යමක් කිව නොහැක.

කෙසේ වෙතත් අද මෙය ශ්‍රී ලංකාවේ ජනාවාස නොමැති කුඩාම ගම්මානය බව පැවසේ.

ඈත පිටිසර ගමක් වුවද මිනිසුන් ජීවත් වූ විට මේ ගම සැලකුවේ බත් බුලත් ඇති පොහොසත් ගමක් ලෙසය.

දුම්බර මිටියාවතේ තවත් සුන්දර කඳු වැටි, දිය ඇලි සහ ගල් ලෙන් ඇත. මානිගල කන්ද ද මෙම ගම්මානය ආසන්නයේ පිහිටා ඇත.

අවසානයේ මේ ගමට ගියාට පස්සේ මට මතක් වුනේ මෙන්න මේ ලස්සන සිංදුව.
“දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ”

Credits to නුවර අපි Page

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img