Saturday, April 26, 2025

ඊයේ රෝහල් ගත කෙරුනු රජිනිකාන්ත්

Published:

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් ද රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

76 හැවිරිදි රාජිනි ඊයේ (30) රාත්‍රියේ චෙන්නායි හි ඇපලෝ රෝහලට ඇතුළත් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය පිළිබඳව රෝහල හෝ ඔහුගේ පවුලේ අය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

සුපිරි තරු රජිනිකාන්ත් මේ දිනවල චිත්‍රපට දෙකක කාර්යබහුලව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මීට දශකයකට පමණ පෙර මෙම සුපිරි තරුව සිංගප්පූරුවේදී වකුගඩු බද්ධ කිරීමකටද ලක්විය.

සෞඛ්‍ය හේතූන් මත ඔහු පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්වූ චරිතයක් බවට පත්වුණා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img