කිනලන් වත්ත ආශ්‍රිතව ඊයේ (29) ගින්නක් හටගෙන තිබේ. කිනලන් විද්‍යාලය ආසන්නයේ මෙම ගින්න හටගෙන තිබේ.
කිතුල් ඇල්ල ප්‍රදේශයේ සංචාරකයින් රැඳී සිටින ලැගුම්හල් වෙත ද මෙම ගින්න පැතිර ගොස් තිබේ.
ගින්නෙන් ඇති වූ දුම සහ අළු නිසා බොහෝ මගීන් ලැගුම්හල්වලින් පිටව ගියහ.
මෙම තත්ත්වය ඇල්ලේ පාරිසරික තත්ත්වයට හා සංචාරක ව්‍යාපාරයට විශාල හානියක් සිදු කෙරේ.
ගිනි තැබූ පුද්ගලයා කිනාලන් වතුයායේ පදිංචිකරුවෙකු බවට තොරතුරු ලැබුණද එම පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත.

