Sunday, April 27, 2025

හිටපු මන්ත්‍රී සහන් ප්‍රදීප් හදිසියේම පැදපු වාහනයට අලාභ ගෙවයි…

Published:

තමන් භාවිත කළ රජයට අයත් සුඛෝපභෝගී වාහනය අනතුරට ලක්වී වසර 2කට පසු ඒ වෙනුවෙන් අලාභය රුපියල් ලක්ෂ 53.38ක් ගෙවීමට හිටපු පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ඉකුත්දා කටයුතු කර තිබෙනවා.

ඒ පිළිබඳව පැහැදිළි කළ බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජේසිංහ මෙනවිය පැවසුවේ, බස්නාහිර පළාත් සභාවට අයත් අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරමින් සිටියදී එය අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා විසින් රුපියල් ලක්ෂ 53.38ක මුදලක් ඉකුත් 24 වනදා පළාත් සභාවට ගෙවා ඇති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාව සිටියදී ඔහුගේ පරිහරණය සඳහා මෙම වාහනය ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථය මෙලෙස සහන් ප්‍රදීප් විතාන මහතා වෙත ලබාදී තිබෙනවා.

එලෙස ලබාගත් මෙම අධි සුඛෝපභෝගී රථය බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය ආසන්නයේදී ඉකුත් 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනකදී අනතුරට ලක්වී තිබුණා.

එහිදී එම වාහනයට වූ අලාභයෙන් රක්ෂණ ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 13 කට ආසන්න මුදලක් ලැබී ඇති බවද පැවසෙනවා.

එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් බස්නාහිර පළාත් සභාවෙන් ගෙවීම් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා ඉල්ලීමක් කළ ද එම ඉතිරි මුදල් ගෙවීම බස්නාහිර පළාත් සභාව ප්‍රතික්ෂේප කළ බවද ලේකම් ධම්මිකා කේ. විජේසිංහ මෙනෙවිය පැවසුවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img