Sunday, April 27, 2025

ස්ථාන මාරු ලැබූ ගැබිණි ගුරුවරිය සැමියාත් සමඟම අවසන් ගමන්යයි

Published:

ඊයේ (25දා) සවස අකුරැස්ස, බෝපාගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියකින් ගමන් ගත් අඹුසැමි යුවළක් බරපතළ අනතුරකින් ජීවිතක්ෂයට.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ව්‍යාපාරිකයෙකු වන 38 හැවිරිදි ඉන්දික සම්පත් සහ ඔහුගේ බිරිඳ වන මෙදේරිපිටිය කනිටු විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරන භාග්‍යා බොරලැස්ස (32) යන අයයි.


ඊයේ (25) පස්වරු 04.30 ට පමණ අකුරැස්ස සියඹලාගොඩ පිටබැද්දර මාර්ගයේ බෝපාගොඩ මංසන්ධිය අසලදී මෙම අනතුර සිදුවී ඇත.
මෙදෙරිපිටිය කනිටු පාසලේ වසර 5ක පමණ කාලයක් සේවය කළ භාග්‍යා වෙනත් පාසලකට මාරුවක් ලබා එම පාසලේ පැවති සමුගැනීමේ උත්සවයෙන් අනතුරුව සිය සැමියා වන ඉන්දික සමඟ යතුරුපැදියෙන් මාකඳුරේ පිහිටි නිවසට යමින් සිටියදී බෝපාගොඩ ප්‍රදේශයේදී මෙම අනතුරට ලක්වුණා.

පිටබැද්දර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු යතුරුපැදියකින් යමින් සිටියදී අකුරැස්සේ සිට පිටබැද්දර දෙසට ධාවනය වූ වෑන් රථයක් ඔවුන් යටකරගෙන ඒ අසල තිබූ පස් ගොඩක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

පාසලේ සමුගැනීමේ උත්සවයේදී ඇයට ලැබුණු ත්‍යාග පාර්සලයද එම ස්ථානයේ යතුරුපැදියේ වැටී තිබියදී හමුවුණා. වෑන් රථය දකුණු දෙසට ගමන් කරමින් තිබූ අතර යතුරුපැදියේ ගමන් ගත් අඹුසැමියන් වෑන් රථයට යටවී ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා පිටතට ගෙන රෝහල් ගත කළ බවයි එහි සිටි අයෙක් කියා සිටියේ.

අකුරැස්ස ව්‍යාපාරික රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමතින් නොසිටි බවත් අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි. මියගිය භාග්‍යගේ දේහය අකුරැස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඉන්දිකගේ දේහය කරාපිටිය රෝහලේ තැම්පත් කර ඇත. මියගිය භාග්‍යා ගැබිනියක් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. කිව්වා

රියදුරු බීමත්ව සිටි බවට පැතිර ගිය කටකතා හේතුවෙන් මියගිය පුද්ගලයා පොලිසියට එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන පොලිසිය බීමත් රියදුරන්ට පරීක්ෂණ නල නොමැතිවීම හේතුවෙන් රියදුරු අකුරැස්ස රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මානක මහතා වෙත ඉදිරිපත් කළ බව කියයි. විදානපතිරණ සහ පසුව මාතර කොට්ඨාශ අපරාධ ස්ථානයේ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ යන්ත්‍රයට ඇතුළු වී වාර්තාවක් ලබාගෙන ඇත. සැකකාර ව්‍යාපාරික රියදුරු ඊයේ (26) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුධිර පරීක්‍ෂණ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මෘත ශරීර ඊයේ (26) පල්ලේගම නිවසට රැගෙන යාමට නියමිතව තිබිණි. අනතුරට පත් වෑන් රථය අකුරැස්ස දෙස සිට සියඹලාගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ අතර යතුරුපැදිය සියඹලාගොඩ සිට අකුරැස්ස දෙසට ධාවනය වී තිබේ. බෝපාගොඩ ප්‍රදේශයේදී යතුරුපැදි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව අකුරැස්ස දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඇයගේ සැමියාගේ තත්ත්වය බරපතළ වූ අතර ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. වෑන් රථයේ රියදුරු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අකුරැස්ස පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති නියෝජ්‍ය පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img