ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 20-20 සහ එක්දින කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක. මේ දිනවල ටී10 ලීගයේ හරාරේ බෝල්ට්ස් කණ්ඩායමේ නායකත්වය දරනවා. ශ්‍රී ලංකාවට 20-20 ආසියානු කුසලානය රැගෙන දෙන්නත් විශිෂ්ට ජයග්‍රහන කිහිපයකම උරුමය ලබා දෙන්නත් ඔහුගේ නායකත්වය යටතේ හැකියාවක් ලැබුනත් පසුව ලැබූ අසාර්ථකත්වයත් එක්කම ඔහු නායකත්වයෙන් ඉවත් කලා.
ටී10 ලීගයේ පිත්තෙන්ද ඉතාමත් ඉහල දස්කම් දක්වන ඔහු අර්ධ ශතක දෙකක්ද ලබා ගත්තේ කණ්ඩායම ජයග්‍රහනය කරා මෙහෙයවමින්.
කාලෝස් බ්‍රැත්වේයිට්ට පිටපිටම හයේ පහර 4ක් එල්ල කරමින් කණ්ඩායම වෙනුවෙන් ලබාගත් ජය ගැන මේ වනවිට කතාබහට ලක්වෙනවා.

මේ අතරම තවත් සිදුවිමක් සම්බන්ධව ඔහු ගැන ටී10 ලීගයේ විස්තර විචාරකයින්ගේ වඩාත් පැසසුමට ලක්වුණා.
ඒ ජොබර්ග් බංග්ලා ටයිගර්ස් සහ හරාරේ බෝල්ට්ස් කණ්ඩායම අතර පැවති තරගයේදී අවසන් පිතිකරු මුචවායා ක්‍රීඩාගාරයට පැමිණීමට තත්පර 60කට වැඩි කාලයක් ගත වුණා.
ඔහු නිසැකවම TIME-Out වීමට නියමිතව තිබුණත් ඒ සම්බන්ධව විනිසුරුවරයා නායක දසුන්ගෙන් විමසුවත් ඔහු එය ප්‍රතික්ෂේප කළා.
මේ සම්බන්ධව ඔහුව පසසන්නට ජාත්‍යන්තර විස්තර විචාරකයින් අමතක කළේ නම් නැහැ.