පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අද(24) රාත්‍රියේ සිදු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අද නව අගමැතිවරිය ලෙස , ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍යවරුන් හතර දෙනෙකුගෙන් යුත් අතුරු කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව බවද සඳහන්.
එසේම, මෙම අමාත්‍යවරුන් යටතට , පැවතෙන විෂය පථයන් බෙදී යන අතර, ජනාධිපතිවරයා සංචාරක, ආරක්ෂක, මුදල්, අධිකරණ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ තබා ගන්නා බවද , අගමැතිවරයා විදේශ කටයුතු, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වනු ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
කෙසේ වෙතත්, මහ මැතිවරණය ,දෙසැම්බර් මාසයේ පැවැත්වීමටත් , එයින් ජය ලබනා වැඩිම මනාප ඇසුරෙන් ඉන් පසුව අගමැතිවරයා පත් කිරීමටද , තීරණය කර ඇති බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.
එසේම, මීළඟට පාර්ලිමේන්තුව රැස්වන දිනයද , ජනපතිවරයා විසින් දැනුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ඉදිරි වැඩකටයුතු සිදුවෙන අතර, ඊයේ තිබු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයන්ට එළඹුණු බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරව ඔහුට රජයේ අමාත්‍ය ධුරයක් දැරීමට කිසිදු බාධාවක් නොවන බවයි. නමුත්, ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් නොදී පාර්ලිමේන්තුව ඇමතීම, ඡන්දය භාවිතා කිරීම සිදු කල නොහැකි වන බවද මෙහිදී විශේෂ කරුණක් ද වනවා