ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් තිබෙනවා..
ඒ ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයී..
ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තා ලෙස දිවුරුම් දෙන්නේ වසර 24කට පසුවයි..




මීට පෙර සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාර නායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන අය මෙරට අග්‍රාමාත්‍යවරියන් ලෙස කටයුතු කර තිබෙනවා..
ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි.. ඇය එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා..
යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය. සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීය කරණය සහ සංවර්ධනය ආදී විශය පථ ගණනාවක් ඇය අධ්‍යයනය කර තිබෙනවා..