Saturday, April 26, 2025

ඔට්ටුවක් නිසා ඉක්මන් උන අක්ශේ ට්වින්කල් විවාහය

Published:

ආක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නාගේ ආදර කතාව බොලිවුඩ් චිත්‍රපටයක රූගත කිරීම්වලදී හමු වූ ආත්මීය සම්බන්දයක්.අක්ශේ ගේ ජීවිතේ සම්පූර්නයෙන්ම වෙනස් කල ගැහැනිය ලෙසයි ට්වින්කල් හැදින්වෙන්නේ. ඔවුනොවුන් මුලින් සිනමාපටයක එකට රගපෑ නළුවන්,ඉන්පසු ඔවුන් ආත්මීය මිතුරන් වනවා.ඉන් පසුවයි ඔවුන් ආදරයෙන් බැදෙන්නේ.

මේ සුන්දර ආදර කතාව ආරම්භ වන්නේ 1999 දී ඔවුන් “ඉන්ටර්නැෂනල් කිලාඩි” චිත්‍රපටයේ එකට රඟපෑමෙන් පසුවයි. ට්වින්කල් ට අක්ෂේගේ ආකර්ශනීය පෞරුෂයට සහ ඔහුගේ සිනහවට ඇදී යනවා.නමුත් මේ සම්බන්දය අනියම් බැදීමක් ලෙසටයි ආරම්බ වන්නේ. නමුත් ඉක්මනින් දෙදෙනා අතර ගැඹුරු සම්බන්ධතාවයක් ඇති වනවා.

ට්වින්කල් ඒ වන විට තිරගත වීමට තිබූ ඇගේ “මේලා” චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන විශ්වාසයෙන් සිටියත් අවසානයේ එය අසාර්ථක චිත්‍රපට ගොන්නට එකතු වනවා.චිත්‍රපටය තිරගත වන්නට පෙර එය සාර්ථක නොවුනොත් ඇය ආක්ෂේ සමඟ විවාහ වන බවට විහිළුවට ඔට්ටුවක් ඇල්ලු බව සදහන්. ට්වින්කල් පුදුමයට පත් කරමින්, අක්ෂේ ඇයට ඔට්ටුවට අනුව දැන් ඔහු දිනූ නිසා විවාහය සිදු විය යුතු බවයි පවසනා… ඉතින්, 2001 ජනවාරි මාසයේදී, ඔවුන් සමීප මිතුරන් සහ පවුලේ අය විසින් පෞද්ගලික උත්සවයකදී අඹු සැමියන් ලෙස එක් වෙමින් විවාහ වනවා..ට්වින්කල් යනු බොලිවුඩයේ සුපුරි තරැව රාජේශ් ඛන්නාගේ සහ බොලිවුඩ් නිලියක වූ ඩිම්පල් කපාඩියා ගේ දියනියයි.

එකල අක්ශේ සෙල්ලක්කාර පෙම්වතෙකු ලෙස ලේබල් ගැසී තිබුන නිසා ඔවුන්ගේ විවාහය බොහෝ දෙනෙක් පුදුමයට පත් කල කාරනාවක් උනා.. නමුත් විවාහයෙන් පසු අක්ශේ බොහෝ වෙනස් පුද්ගලයෙකු වනවා.මේ දෙදෙනාම ඔවුන්ට ලැබෙන සෑම වෙලාවකම එකිනෙකාට ඇති ආදරය සහ එකිනෙකාගේ දක්ෂතා අගය කිරීම ගැන කතා කරන්නට අමතක කරන්නේ නැහැ. ඔහුගේ ජීවිතයට ස්ථාවරත්වයට සහ නිවරැදියි මාර්ගයට ගෙන ඒම සම්බන්ධයෙන් ආක්ෂේ ට්වින්කල්ට නිරන්තරයෙන් ගෞරවය කරන්නට තරම් නිහතමානී ව්නවා. ට්වින්කල් ද අක්ශේ ගේ නොසැලෙන සහයෝගය, පක්ෂපාතිත්වය ඔහුට ප්‍රශංසා කරන්නේ ඉතා ආදරනීය ලෙසයි

ආක්ෂේ සහ ට්වින්කල් එක්ව ලස්සන පවුලක් ගොඩනඟා ගන්නවා.. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු වන අතර, ආරව් නම් පුතෙකු සහ නීතාරා නම් දියණියකක් ද සිටිනවා. ඔවුන්ගේ දරුවන් බොහෝ අවස්තාවල ඔවුන්ගේ දෙමාපියන් දෙදෙනා සමග ප්‍රසිද්ධියේ පෙනී සිටිනවා මෙන්ම ඔවුන්ගේ සිත් ඇදගන්නාසුළු හැසිරීම් ප්‍රසංසාවට ලක් කරන්නට සමත් වෙනවා.

ආක්ෂේ සහ ට්වින්කල්ගේ ආදර කතාව ලොව පුරා රසික රසිකාවියන් ගේ ආදරයට ලක් වෙන්නට තරම් ශක්තිමත…හරිම කෙනා ජීවිතේ ට ආවම ලස්සන ආදරනීය ජීවිතයක් ගොඩනගා ගතහැකි බවට අක්ශේ ට්වින්කල් ආදර කතාවෙන් දැකගන්න පුලුවන්.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img