Saturday, April 26, 2025

පහේ ශිෂ්‍යත්වය ගැන ඇසෙන ආන්දෝලනාත්මක කතාව

Published:

පසුගිය 15 වන දා පැවති 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා..

සිසු දරු දැරියන් බොහෝ දෙනෙක් මුහුණ දුන්න මේ තරගකාරී විභාගය අවසන් වී දිනක් යන්නටත් මත්තෙන් ඒ ගැන අසන්නට ලැබුණේ ඒ ත‍රම් හොඳ ආරංචියක් නෙවෙයි..

ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්න පිටවී ඇති බවට පැතිර යන කට කතා නිසා මේ ගැන දෙමව්පියන් වගේම ගුරුවරුන් දැඩි උනන්දුවෙන් සොයා බැලුවා.. ඒ උණුසුම යන්නත් මත්තෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ අර්බුදකාරී ප්‍රශ්න තුන ඉවත් කර පිළිතුරු ඇගයීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශයක්ද ලබාදී තිබුණා..

විභාගයට පෙර දින ඇතැම් ප්‍රදේශවල සාකච්ඡා කර ඇතැයි පැවසෙන මෙම ප්‍රශ්න තුනට සමානතාවකින් යුත් ප්‍රශ්න ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ විභාග ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග ප්‍රශ්න පත්‍රය සකස් කළ පරීක්ෂක මණ්ඩලය සමග ඊයේ (සැප්. 17) දින දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බව ද කොමසාරිස්වරයා සඳහන් කළ අතර, එම ආදර්ශ ප්‍රශ්න පත්‍රය තුළ පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න කිහිපයක් සහ මෙවර විභාගයේ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න ඇතුළත්ව ඇතැයි ද, විභාගයට පෙර මෙම ආදර්ශ පත්‍රය සීමිත පිරිසක් අතරේ සාකච්ඡාවට බඳුන් වී ඇතැයි ද අනාවරණය වූ බව ද හෙතෙම ප්‍රකාශ කළා..

යම් සීමිත සිසු පිරිසකට විශේෂ වාසියක් අත්වීම මෙන් ම සෙසු බහුතර සිසු පිරිසකට අගතියක් සිදුවීම වැළැක්වීමට ඊයේ ගනු ලැබූ තීරණය හේතුවනු ඇතැයි ද ජයසුන්දර පැවසුවා.. විභාගයට පෙර මෙම ප්‍රශ්න බාහිර පාර්ශ්වයන්ට පිට වූවාද යන්න සොයා බැලීමට මේ වනවිටත් දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ත් විමර්ශන කණ්ඩායම් අදාළ ප්‍රදේශ වෙත ගොස් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට නියමිත බවයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබුණේ..

එහිදී යම් අක්‍රමිකතාවක් පිළිබඳව අනාවරණය වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ත් මෙම සිද්ධිය හේතුවෙන් විභාගයට පෙනී සිටි කිසිදු අපේක්ෂකයෙකුට අසාධාරණයක් සිදු නොවීමට විභාග දෙපාර්තමේන්තුව ඉඩ නොදෙන බවත් ඔහු පවසා තිබුණා..

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img