Saturday, April 26, 2025

ටයිටැනික් නැව ගිළුණු රාත්‍රියේ සාගර ජලයේ සීතල සජීවීව විඳින්න අවස්ථාවක්

Published:

ටයිටැනික් ඛේදවාචකය ගැන නොදන්නා කිසිවකුත් මේ ලොව නැතුව ඇති.

මේ කියන්න යන්නේ ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය ගැන නම් නෙවෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි ටයිටැනික් කෞතුකාගාරය මෑතක දී අපූරූ අංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒක අපූරූ අංගයක් කිවුවට ඒක බොහෝ දෙනෙකුට දුක් ගෙන දෙන අංගයක් බව නම් කිවයුතුමයි.

ටයිටැනික් නෞකාව ගිලී යන මොහොතේ අත්ලාන්තික් සාගරයේ ජලයෙහි සීතල කෙතරම්ද යන්න දැනගන්න මේ කෞතුකාගාරය නැරඹීමට එන අයට හැකියාව තිබෙනවා.

1912 අප්‍රේල් 15 වැනි දින දෛවෝපගත රාත්‍රියේදී  ජලය මගීන්ට දැනුණු ආකාරය ඒ විලසින්ම විඳීමට ඔබට හැකියි.

ජලය -2 ° C දක්වා තරම් වූ ඒ සීතල වතුරට අත දමන සංචාරකයෝ ප්‍රතිචාර දක්වන්නේ “අනේ දෙවියනේ” යනුවෙන්.

නමුත් මේ හැඟීම විඳින බොහෝ දෙනෙකු ඛේදවාචකය සිදුවුණ රාත්‍රියේ මගීන් විඳි වේදනාව සම්බන්ධයෙන් දැඩිව දුක් වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img