
Goat චිත්රපටයේ එක දෙබසක්. ඒක නිකන්ම නිකම් දෙබසක් නෙමෙයි. අවුරුදු 40 ක සිනමා දිවියක අවසානයක් හගවපු තැනක්.ඒ වගේම “මෙන්න මගේ තැන ..මින් ඉදිරියට ඔයාටයි මේක බාර.” කියල නොකියා කිව්වා වගෙයි. (To one of the special cameo)
ඉතින් මට මැවිලා පෙනුනේ “තලපති” කියන ඔටුන්න විජේ වෙන කෙනෙක්ට පළදනවා වගෙයි.
කෙනෙක් කියනවා “මේ Title එක නිසා හැමදාමත් මට ප්රශ්න විතරයි ඇති උනේ” කියල.
තව කෙනෙක් කියනවා “මෙන්න මගේ තැන අරගන්න” කියල.
තව කෙනෙක් කෙනෙක් ඔය මොනවා ගැනවත් නොහිතා තමන්ගේ passion එක විතරක් Follow කරනවා.
ඇත්තටම බලද්දි එයාලා අතර කිසි ප්රශ්නයක් තිබුනේ නැ. ෆෑන්ස්ලා විතරයි දෙපැත්තට බෙදිලා මරාගන්නේ. පුද්ගලික වාසි තකා අවස්ථාවාදි media කාරයොයි මේක තවදුරටත් අවුළුවන්නේ.
පැය තුනක ෆැමිලි පැක් එකක්. සාම්ප්රදායික විජේ ෆිල්ම් එකක තියෙන.actiona ,comedy romance සහ emotions වගෙ හැමදේම Goat හරහාත් බලාගන්න පුළුවන් .cast එක කොච්චර හිටියත් ෆිල්ම් එක Run කරන්නේ විජේ විතරයි .විශේෂයෙන්ම Young
විජේගේ character එක. ඒ වගේ character එක මීට කළින් විජේගේ career එකේ දැකල තිබුණේ නැ. ඒ තරමට best performance එකක් දීලා තිබුනා.
Action scenes ටිකත් හොදටම තිබුණා.bike riding ද car shasing හැමදේම වගේ include වෙලා තිබුණා.climax potion එකනම් pure goosebumps .මොකද ඒ situation එකත් screenplay එක හොදටම sync උනා.
විශේෂයෙන්ම කියන්න ඕන suprise cameos ටික සහ අනෙත් සමහර නලුවන්ගේ reference ටික. මේකෙ රජිනි ,කමල් ,අජිත්,සූර්යාගේ එහම පොඩි පොඩි reference ටිකක් තියෙනවා.ඉතින් ගොඩක් ලොකු phase වල ඉන්න actors ලා එහම කැමති නැ අනිත් නලුවන්ගේ references තමන්ගේ ෆිල්ම් වල තියෙනවට.විජේ මේ දේවල් වලට allow කරන්න හේතුව විදියට මම දකින්නේ ඒ විජේගේ තියන නිහතමානීකමයි .
ෆිල්ම් එකේ මැද හරියේ පොඩි පොඩි ලැග් තිබුණත්.songs & Bgm ලොකුවට සෙට් උනේ නැතත් , සමහර තැන් වල Face rendering වල අවුලක් පෙනුනත්,ඒ කිසි දෙයක් මට ලොකුවට දැනුනේ නැ සහ ඒ දේවල් ගැන වැඩිය හිතුවෙත් නැහැ. මොකද විජේ කියන තරුව අපිට තව දුරටත් Big screen හරහා දකින්න නොලැබේවි.උපරිම උනොත් තව එකපාරක් දකින්න ලැබේවි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් enjoy කරනවා. අනිත් Film එක්ක compare නොකර විජේ කියන Brand එක වෙනුවෙන් බැලුවනම් ඔයාල හැමෝටම අනිවාර්යයෙන්ම Set වේවි.
A Lion is always a Lion