Saturday, April 26, 2025

මධුරි ඩික්සිත් ගැන නොදන්නා දේවල් 05 ක්.

Published:

බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් කියන්නෙ රංගන ක්ෂේත්‍රයට සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. කාලයාගේ ඇවෑමෙන් සහ ඇයගේ රංගන හැකියාව නිසා රසිකයන්ගේ ආදරය හා ප්‍රශංසාවට ලක් වූ අපූරු චරිතයකි . ඇය සිය විශිෂ්ඨ රංගනයෙන් පමණක් නොව ඇගේ භාව ප්‍රකාශනයන් සහ නර්තන හැකියාව ද ඉහල මට්ටමක තිබෙන රංගන ශිල්පිනියකි. ඇය බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ සැබවින්ම ශක්තිමත් සලකුණක් විදිහට හදුන්වා දෙන්න පුලුවන්. මෙ දක්ෂ නිළිය සිනමා කර්මාන්තයේ සෑම කෙනෙකු සමඟම පාහේ වැඩ කරලා තියෙන අත්දැකීම් බහුල රංගන ශිල්පිනියකි. ඇය මෙ වෙද්දී චිත්‍රපට 70කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඉතින් අද කියන්න හදන්නෙ මධුරි ඩික්සිත් කියන ඒ දක්ෂ රංගන ශිල්පිනියගේ ජීවිතයේ වැඩිය දන්නෙ නැති සමහරවිට ඔබ මීට කලින් අහලා නැති දේවල් 05 ක් ගැන…

1) මධුරි රංගනයට පිවිසියේ 1984 දී තිරගත වූ Abodh චිත්‍රපටයෙන් වන අතර එහිදී ඇය චිත්‍රපටයේ බෙංගාලි නළුවෙක් වූ ටපා ස් පෝල් සමඟ ප්‍රධාන රංගනයෙන් දායක විය .

2) මුලදී, මධුරිගේ දෙමාපියන් ඇය සිනමා ලෝකයට පිවිසීම සම්බන්ධයෙන් අකමැති වූ අතර ඔවුන් ඇයට විවාහ යෝජනාවක් සෙවීමට පටන් ගෙන තියෙනවා. මෙම සම්බන්ධය සඳහා වූ යෝජනාව ගායක සුරේෂ් වඩ්කාර් වෙත ද යවා ඇති නමුත් මධුරිගේ ඡායාරූපය දුටු විට ඔහු විසින් ඇය කෙට්ටු යැයි පවසමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළා කියලයි සදහන් වෙන්නෙ.

3) මධුරි ඩික්සිත්ට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සහ වැඩිමහල් සහෝදරයෙකු ද ඉන්නවා.ඒ වගේම මධුරි සහ ඇගේ එක් සොහොයුරියක් සමාන නිවුන් සොහොයුරියන් වේ.

4) මධුරි 1994 හම් අප්කේ හේ කවුන් චිත්‍රපටයේ සල්මන් ඛාන් සමඟ තිරය බෙදා ගත්තාය. ඔවුන් දෙදෙනා ගෙ සුසංයෝගය රසිකයන් මහත් සේ ආදරය කළේය. නමුත් ඔබ දැනගෙන හිටියද ඒ චිත්‍රපටිය සඳහා සල්මන්ට වඩා මධුරිට වැඩි මුදලක් ගෙවල තියෙනවා කියල.

5) හම් සාත් සාත් හේ චිත්‍රපටයේ තාබු රගපෑ චරිතය සදහා මුල්ම තේරීම උනේ මධුරි. කෙසේ වෙතත් ඇය එම චරිතය ප්‍රතික්ෂේප කිරීම නිසා එම චරිතය තාබු ට හිමිවිය.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img