Saturday, April 26, 2025

ඇත්තටම අයිෂ්චර්යාගේ ඇස් නිල් පාටද?

Published:

බොලිවුඩයේ පුරාවෘත්තයක් බඳු සුරූපිණියක් තමයි අයිෂ්වර්‍යා රායි කියන්නෙ.1994 ලෝක රූ රැජිණ කිරුළ හිමි කරගන්නා ඇයව අදටත් ලොව සුන්දරතම කාන්තාව විදිහට හඳුන්වනවා.අයිෂ්ගෙ මේ ලස්සන වැඩි කරන්න බලපාපු ප්‍රධානම හේතුවක් තමයි ඇයගේ ඇස්.ලොව ලස්සනම දෑසක් හිමි කාන්තාවන් අතර මුල් තැන ගන්නෙ අයිෂ්වර්‍යා.

ඇත්තටම අයිෂ්වර්‍යාගෙ ඇස් නිල් පාටද?මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්.අද කාලෙ නම් හොලිවුඩ්වල,බොලිවුඩ්වල විතරක් නෙමෙයි ලංකාවෙ ඉන්න නිළියන්ගෙ පවා ඇස් නිල් පාටයි.නමුත් ඒ ඔවුන්ගේ ඇස්වල ඇත්තම වර්ණය නෙමෙයි.ඒ සඳහා ඔවුන් බොහෝමයක් කෘතිම අක්ෂි කාච භාවිතා කරනව.

නමුත් අයිෂ්ගෙ ඇස්වල වර්ණය ස්වභාවිකයි කියල තමා ගොඩාක් මූලාශ්‍රවල සඳහන් වෙන්නෙ.ඇගේ ඇස්වල වර්ණය ඇයට ලැබිල තියෙන්නෙ උපතින්මයි.ඇයගේ සීයගෙ ඇස්වල වර්ණයත් නිල් පාට වූ බව සඳහන් වෙනව.අයිෂ් තරුණ කාලෙ ඇගේ ඇස්වල වර්ණය නිසාත් ඇගේ කොණ්ඩයේ පාට නිසාත් බොහෝ දෙනෙකුගේ ඇස් ඇය වෙත යොමු වූ බව ඇය පවසනවා.

ඇගේ ඇස් කොළ පැහැයට හුරු නිල් පැහැයක් (Sea Green) ගන්නවා.ලෝකයේ නිල් ඇස් සහිත පුද්ගලයින් සිටින්නේ 8%-10% ක් අතර ප්‍රමාණයක්.විශේෂයෙන්ම දකුණු ඉන්දීය කාන්තාවන් අතර නිල් පැහැ ඇස් පිහිටා තිබීම අතිශය දුර්ලභ දේහ ලක්ෂණයක් ලෙස හඳුන්වනවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img