
නිකමට හිතලා බැලුවද අපේ ආච්චිලා සීයලා කොහොමද අවුරුදු ගානක් එකට ජීවත්වුනේ කියලා,මොකද එයාලට යාලුවො පන්දාහක් විතර ඉන්න සෝෂල් මීඩියා accounts තිබුනෙ නෑ…ඒ වගේම එයාලගෙ ජීවිතේ ගැන මැසේජ් දදා උපදෙස් දෙන්න සෝෂල් මීඩියා followers ලා බර ගානක් එයාලට හිටියෙත් නෑ.
ඒත් අද, සම්බන්ධතාවයකට ප්‍රශ්නයක් ආව ගමන් මිනිස්සු කරන්නෙ මට තව තෝරාගැනීම් තියෙනවනෙ කියලා වෙන අතක් බලාගන්න එක…අද සමාජෙ ඉන්න බහුතරයක් හිතන විදිය තමයි ඒක…ඒ විදියට හිත රවට්ටගන්න අපි ඇත්තටම කරන්නෙ අනුන්ව සතුටුකරන එක.
අද සමාජෙ ඉන්න බහුතරයක් මිනිස්සු සම්බන්ධයක් රැකගන්න උත්සාහකරන්නෙ නෑ… ගොඩක් අය කරන්නෙ කෙනෙක් නැතිවුනොත් හිතන්නෙ ඒ හිස්තැන පුරවන්න තව කෙනෙක් ඉන්නවනෙ කියලා හිත හදාගන්න එක…මෑතකදි කරපු අධ්‍යයනයකින් හෙලිවෙලා තියෙනවා තාක්ෂණයේ සහ සමාජ මාධ්‍යයේ බලපෑම මත දැන් කාලෙ සැබෑ ආදර සම්බන්ධතාවයක වුනත් උපරිම ආයුකාලය අවුරුදු දෙක තුනකට සීමාවෙන වග.
මොකද දැන් කාලෙ මිනිස්සු පුරුදුවෙලා ඉන්නවා දෙයක් නැතිවුනොත් ඒ තැනට වෙන දේවල් ආදේශකරගන්න… ඒත් ඒ කිසිමකෙනෙක් තේරුම් අරගෙන නෑ තමන්ටම කියලා වෙන්වුන එක බැඳීමක් වෙනුවෙන් ජීවත්වෙන එක වටින බව

