බලංගොඩ අපේ ලොකු නංගි බැඳල හිටියෙ කෝරලේ මහත්තයෙක්. එයාගෙ නම ගුණතිලක. මේ දෙන්න අත්තිම මසුරුයි. ගෙදර මිදුලට හිඟන්නෙකුටවත් එන්න දෙන්නෙ නෑ. වැරහැලි ඇඳ ගත්තු කිසිම කෙනෙකුට ගේ පැත්ත පළාතට එන්න දෙන්නෙ නෑ. අපේ කොරළේ මහත්තය බොහෝම අධර්මයෙන් හම්බ කළේ. ඔප්පු ලියල අල්ල ගත්ත. දෙන්නෙ නෑ. අපේ පංසලේ තමයි ඉස්සර හට ගන්නෙ. අපේ දේපළ හුඟ හරියක් හොර පිතකට තඹ සල්ලියක දෙයක් පිංකම් වලදී කෝරළේ නිසා මෙයා පිංකම් කරල ඉතුරු වෙන සල්ලි සේරම මෙයාලයි ගෙදර තියෙන්නෙ. ඒ සල්ලි සතයක්වත් පංසලට දුන්නෙ නෑ. මොකක් හරි වැඩකටෙයි කියල සල්ලි ඉල්ලුවම හා.. හොඳයි වැඩේ පටන් ගන්නකො එතකොට මං සල්ලි දෙන්නම් කියල කියනවා. ඒත් කවදාවත් දෙන්නෙ නෑ. අනේ අපේ නංගිටත් ඔය තාලෙ පුරුදු උනා. එයත් මසුරු
අන්තිමේදි දෙන්නම මැරිල ගිහිල්ල ප්‍රේතයො වෙලා උපන්න. කෝරළේ මහත්තය ප්‍රේතයා වෙලා උපන්නෙ ඒ ගෙදර කක්කුස්සිවළේ. අපේ නංගි ගෙයි ඉස්සරහ පිට කොස් ගහක් තියෙනවා. ඒකෙ ඉන්නෙ. ඇය නිර්වස්ත්‍ර ප්‍රේතියක් ධිරගජ්ජයත් අන්තිම කාලේ හිටියෙ ඒ ගෙදරමයි. ඌත් මැරිල ප්‍රේතයෙක් වෙලා ඒ ගෙදරම උපන්නා. කෝරළේ මහත්තයගෙ වැඩපල කරමින් මෝඩ කොලුවෙක් හිටිය සයිමන් කියල. ඌත් මැරිල ඒ ගෙදරම ප්‍රේතයෙක් වෙලා. ධිරගජ්ජ පෙරේත යයි සයිමන් පෙරේතයයි දෙන්නම ඉන්නෙ ගේ අස්සෙ.ඉතිං අපේ බාල නංගිගෙ දුවෙක් ඉන්නවා. එයාට අවුරුදු 12 දි විතර අර නිර්වස්ත්‍ර ප්‍රේති ආවේශ උනා නිතරම. අර ප්‍රේති එනකොට මේ කෙල්ලට පේනවලු.පෙනිල කෑ ගහනවා ලොකු අම්ම එනෝ. හරිම කැතයි. හරිම අවලස්සතයි. ඇඟේ ඇඳුමක් මොකවත් නෑ කියල. ඔහොම කෑ ගහගහ ඉන්න කොට එකපාරටම ඇඟට පනිනවලු. එතකොට ලේ වමනෙ දානවා. ළමයට සිහිය නෑ. එතනින් එහාට කතා කරන්නෙ අර ප්‍රේති. අර මැරිච්ච ලොකු අම්ම විදියටමයි කතා කරන්නෙ. ඉතිං කට්ටඩියො ගෙනැල්ල නොයෙක් ගුරුකම්කළා මාස ගණනක්. ඒත් සනීප උනේ නෑ. කොයි වෙලාවෙ ආවේශ වෙනවද කියල නෑ. ආවේශ වෙච්ච ගමන් කරන්නෙ ලේ වමනෙ දාන එක. රෝහලට ගෙනිච්චම දොස්තරවරු ලෙඩක් නෑ කියල කියනවා.ඒ කාලෙ මං හිටියෙ කොළඹ. නිවාඩු කාලේ දවසක්මම පංසලට ගියා. මම පංසලේ ඉන්න කොට අපේ බාල මස්සිනා ඇවිල්ල අනේ හාමුදුරුවනේ, අපේ කෙල්ලට මෙහෙම ලෙඩක් හැදෙනවා. නොයෙක් ගුරුකම් කළා. ඒත් හරි ගියේ නෑ. නූල් දැම්ම ඒව කඩල දානවා. ඉතිං මේකට මොකද කරන්නෙ කියල ඇහුව. ඉතිං මංකිව්වආවේශ වෙච්ච වෙලාවකට මට කියාපන්කො කියල. දවසක් මට ඇවිල්ල කිව්ව. මාත්ගියා ගෙදෙට්ට. යනකොට අර දුව බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. නිකං අමුතු බැල්මක් මුණෙ තිබුනෙ. මං ඉතිං පොඩිගුරුකමක් කරල ඇහුව කවුද මේ ? ඇයි මේ ළමයට හිරිහැරකරන්නෙ ? කියල. ඒ පාර අර කෙල්ල මම හාමුදුරුවන්ගෙ ලොකු නංගි. මුත් මගේ දේපොළ ඔක්කොම බුක්ති විඳින වග. මට මොකවත් සැළකිල්ලක් කරන්නෙ නෑ. මට මේ ආත්මයෙන් මිදෙන්න කවුරුවත් උදව් කරන්නෙ නෑ කියල කිව්ව. කටහඬ හරියට අපේ අර ලොකු අම්මගෙ කටහඬ වගේමයි. ඉතිං පස්සෙ මම ඇහුව අපි මොකක්ද කරන්න ඕන කියල. එයා මෙහෙම කිව්ව. හාමුදුරුවනේ, මෙහෙ ඉඳල හැතැම්ම 03 ක් එහා අලුත පාලමක් හදන තැනක ලඟ ගේක ඉන්නවා අවුරුදු 103 ක වයසක දුප්පත් උපාසක අම්ම කෙනෙක්. ඒ උපාසක අම්ම මෙහාට ගෙනැල්ල හොඳ ඇඳුම් ජෝඩුවක් දෙත්ත ඕත. හොඳට කන්න බොන්න දිල සංග්‍රහ කරන්න ඕන. හාමුදුරුවරු 15 තමක් ගෙනැල්ල පිරිත් කියන්න ඕන. ඒ හාමුදුරුවරුන්ට පින්දිල මට පිං අනුමෝදන් කරවන්න ඕන. ඒක කරායින් පස්සෙ මං මේ ප්‍රේත ආත්මයෙන් නිදහස් වෙලා යනවා කියල.
කෝරළේ මහත්තය ගැන ඇහුවම එයා බොහෝම වැරදි කරල තියෙනවා. එයාට කොච්චර පිං දුන්නත් එයා නිදහස් කරන්න බෑ. එයා ඉපදිලා ඉන්නෙ අමුතුම ප්‍රේත ලෝකයක. බොහෝ කාලයක් එයා ඒකෙ දුක් විඳින්න ඕන. එයාට මොනව කරල පිං දුන්නත් වැඩක් නෑ කියල කිව්ව. අපි ඉතිං එදාම අර කියපු විදියට සේරම කළා. ? පිරිත කිව්ව. උදේ දාතෙ දිල සිවුරු පිරිකර පූජා කරල පිං දුන්න. අර උපාසක අම්මටත් හොඳට සංග්‍රහ කරල අළුත් ඇඳුම් දිල ඒ අම්මලවාත් පිං දුන්න. එදායින් පස්සෙ අර භූත දෝෂය නැති උනා. අනික් භූතයෝත් මං ඒ ගෙදරින් එළෙව්ව
අතිගරු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි
