රත්නපුරේට ටිකක් මෙහා දෙල්ගමුව කියල ගමක් තියෙනව. ඒ ගමේ කුරුවිට මහ පංසලට අයිති පුරාණ පංසලක් තිබුනා. ඒ පංසල පාළු වෙත හින්ද පංසල් ගේ ශුද්ධ කරවල කුරුවිට පංසලේ හිටි අරියවංස කියන හාමුදුරුවන්ට අර දෙල්ගමුව පංසල භාර දුන්න. ඉතිං මේ හාමුදුරුවෝ ඒ පංසලේ වැඩපලත් කරගෙන දායකයන්ගෙ දායක වැඩත් කරගෙන හොඳින් හිටියලු කාලයක්.
දවසක් හැන්දෑවෙ මේ හාමුදුරුවො ඉස්තෝප්පුවෙ තිබු හාන්සි පුටුවෙ ටිකක් ඇලවෙලා හිටියලු. ඔහොම ඉන්න කොට ඇඳිරි වැටී ගෙන එනකොටම වාගේ ටිකක් කුදු මිනිහෙක් පොට්ටනියකුත් පිටේ එල්ලගෙන හැර මිටි ගහ ගහ අපිත්
මෙහෙ ඉන්නවා කියාගෙන පංසල් මිදුලෙන් යතව පෙනුතලු. මේ හාමුදුරුවො කවුද මේ මිනිහ කියල බැලුවලු. අර මිනිහ වැසිකිළියටලු ගියෙ. ඉතිං මේ හාමුදුරුවො හිතුවලු කවුරු හරි හිඟන මිනිහෙක් වැසිකිළියට යන්න ඇති කියල.
ආයෙත් දවසක් අර විදියටම අපිත් මෙහෙ ඉන්නව කියල මහ ගොරෝසු හඬකින් කියාගෙන ගියාලු. අර මිනිහමයි. එදක් ගියේ වැසිකිළියටමයි. එදා මේ හාමුදුරුවො ටිකක් බලාගෙන හිටියලු. අර මිනිහ වැසිකිළියෙන් එළියට අවෙ නෑ., පස්සෙ වැසිකිළිය ලඟට ගියාලු අර හාමුදුරුවො. ගිහිල්ල ටිකක් උගුර පාදල කතා කෙරුවලු කිසි සද්දයක් නැතිලු. ටෝච් එකත් ගහල බැලුවලු. මොකෙක්වත් නැතිලු වැසිකිළියෙ. දවස් කිපයක්ම මේක මේ හාමුදුරුවො දැකල තිබුතා. අන්තිමේදි හාමුදුරුවන්ට බය හිතුනලු මේක නම් හොඳ වැඩක් නොවෙයි කියල පස්සෙ. කුරුවිට පංසලේ ලොකු හාමුදුරුවන්ටත් මේ විස්තරේ කිව්වලු. ඒ හාමුදුරුවො නැවතුනාලු ආයෙත් මට නම් යන්න බෑ කියල. ඊට පස්සෙ කිසිම හාමුදුරු කෙනෙක් ඔය පංසලේ නතර කර ගන්න බැරි උනාලු. දැන් මේ පංසල නෑ. ඉඩම විතරයි තියෙන්නෙ.
