Saturday, April 26, 2025

සියලුම සබන්, ෂැම්පූවලට ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීමට පියවර

Published:

සියලුම සබන්, ෂැම්පූ සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර පැවැසීය.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්දේශ අනුව මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ළදරුවන් සඳහා තිබෙන සබන්වල TFM අගය 78 ක් විය යුතුය. නමුත්, මෙරට ප්‍රධාන පෙලේ සබන් නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ළදරු සබන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ එහි TFM අගය 63 ක් බවය.

මෙම සමාගම සහ අනෙකුත් සමාගම් විසින් නියමිත TFM අගයෙන් සබන් නිෂ්පාදනය කරන්නේද යන්න පිළිබදව වරින් වර පරීක්ෂා කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත.

ළදරු සිරුරට අහිතකර වන අයුරින් TFM අගය අඩු ළදරු සබන් නිෂ්පාදනය කිරීම හේතුවෙන් අධිකරණයෙන් වරදකරුවූ සමාගමේ සහ තවදුරටත් බාල තත්ත්වයේ සබන් නිෂ්පාදනය කිරීමට කටයුතු කළහොත් එහි නිෂ්පාදන කටයුතු අධිකරණය විසින් තහනම් කිරීමේ හැකියාව පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img