Sunday, April 27, 2025

GOAT සහ Leo අතර ලෝක අරගලය

Published:

~ GOAT ලංකාවේ Leo වාර්තාව සුණුවිසුනු කරද්දී , ලොව පුරා ආදායම අනුව Leo හට පමණක් දෙවනි වෙයි !

ලංකා ඉතිහාසයේ චිත්‍රපටයක් පළමු දින ඉපැයූ වැඩිම මුදලට හිමි වාර්තාව හිමිකරගෙන සිටි තලපති විජේගේ Leo චිත්‍රපටයේ වාර්තාව පළමු දර්ශනවාරය ආරම්භවීමටත් පෙරම අභිභවා යන්නට තලපති විජේගේම GOAT චිත්‍රපටය සමත්ව තිබෙනවා. ඒ දැනට ශ්‍රී ලංකා රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු ටිකට්පත් අලෙවි කරමින්.

කෙසේ නමුත් ලොව පුරා පළමු දින ආදායම අනුව GOAT චිත්‍රපටය Leo හට දෙවනි වීමට සිදුවන්නේ තමිල්නාඩුව හැර අනෙක් ඉන්දියන් ප්‍රාන්තවල සහ බොහොමයක් විදේශ රටවල Leo තිරගතවීමට පෙර ජනනය කළ ටිකට් පත් අලෙවිකිරීමට ලඟාවීමට නොහැකිවීම හේතුවෙන්.

ලංකාවේ Leo වාර්තාව පහසුවෙන් බිඳහෙළීම පිටුපස ඇති ප්‍රධාන කරුණ ලෙස Leo තිරගතවන සමයේ ලංකාවේ පැවති සිනමාශාලා ප්‍රමාණය සහ ලංකාවේ එක්දිනයක තිරගත කළ හැකි දර්ශනවාරය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාම බව නිගමනය කරන්න පුලුවන්.

ඒ කොහොමවුනත් හෙට දිනය අවසන්වන විට කොලිවුඩයේ පළමු දින වැඩිම ආදායම් ද්විත්වයම සහ පළමු දින කෝටි 100 ඉක්මවා ගිය කොලිවුඩ් චිත්‍රපට ද්විත්වයම විජේගෙ නමට ලියවෙනු ඇති. හෙට පටන් සති කිහිපයක් වෙනතෙක්ම කොලිවුඩයෙන් හෝ අනෙක් ඉන්දීය සිනමා කර්මාන්තවලින් කිසිදු ප්‍රධානපෙලේ චිත්‍රපටයක් නිකුත්නොවීම නිසා GOAT හට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුනහොත් දැවැන්ත ආදායමකට චිත්‍රපටයකට ලඟාවනු හැකිබව නිසැකයි.

චිත්‍රපටයේ පළමු දර්ශනවාරය ලොව පුරා හෙට පාන්දර 4ට ආරම්හ වන අතර උදේ 7න් පසු චිත්‍රපටයේ පළමුවෙන්ම නැරඹූ ප්‍රේක්ශකයන්ගේ ප්‍රතිචාර වලින් සමාජ මාධ්‍ය පිරී තිබෙනු ඇති.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img