කොළඹ ජයන්ත වීරසේකර මාවතේ ටිකක් එහාට යනකොට පොඩි ආවාසයක් තියෙනවා. ඉස්සර මේ පාරට කිව්වෙ රේල් ගේට්ටු පාර කියලයි. ඔය ආවාසේ හිටිය කැහැටු උන්නාන්සෙ කෙනෙක්. මාලිගාකන්ද පිරිවෙණේ ඉගෙන ගත්තේ. වස්කවි ලියන්නත් බොහොම දක්‍ෂයා. දවසක් මට කතා කරල ඒ උන්නාන්සෙ කිව්ව අද ප්‍රේතයෙක් අස්වෙන දවස යමුද බලන්න කියල. ඉතිං මම විස්තර ඇහැව්ව. ඒ ආවාසෙ ලඟ ළමයෙක් ශාස්ත්‍ර කියනවා. වයස අවුරුදු 08 ක් විතර ඇති මේ ළමයට. ඒ ළමයගෙ තාත්ත මැරිල ප්‍රේතයෙක් වෙලා මේ ළමයට ආවේශ වෙනව. ආවේශ උනාම මිනිස්සුන්ට ශාස්ත්‍ර කියනව. මේක ආරංචි වෙලා නොයෙක් පළාත්වලින් මිනිස්සු එනවලු ශාස්ත්‍ර අහන්න. එකෙන් ඒ ගෙදර හම්බ කරාලු සෑහෙන විදියට.
ඉතිං මේ ප්‍රේතයා අස්වෙන දවසේ අපි කට්ටියක් ගියා ඒක බලන්න. ගිය කොට අර ශාස්ත්‍ර කියන ළමයට ඉත්ත වෙනමම තැනක් තියෙනව. වටේට ගොක් කොළ වාගෙ ඒවායින් හදල හරියට උඩරට පිරිත් මණ්ඩප්පයක් වගේ එකක්. අපි යන වෙලාවෙත් ළමය ඒකෙ මැද ඉඳගෙන ශාස්ත්‍ර කියනවා. අද ඉතිං මේ ශාස්ත්‍ර කියන අන්තිම දවස. මිනිස්සුන්ට ශාස්ත්‍ර කියල මේ ළමය ඇඬුව. අඬල අතේ දැන් ඉතිං මම මේ
ජීවිතයෙන්අහක්වෙතවා. අහක්වෙලා මම යනවා නරකාදියට. මං හුඟක් පව් කරපු කෙතෙක්. බොහොම කාලයක් මට දුක්වි ඳින්න වෙතවා. දැන් මට එහාට තමයි යන්නෙ කියල කිව්ව. ඊට පස්සෙ කවුද ඇහුව උඹේ ඔය ස්වරූපයෙන් පෙනීහිටින්න පුළුවන්ද කියල. හැබැයි ඔය බබලත් ඇත්තෝයි කුඩා ළමයින්වයි බය වෙන්න පුළුවනි. ඒ අය අහක් වෙත්ත ඕන කියල අර ළමය කිව්ව. පස්සෙ ඒ අය අහක් කළා.ඔහොම ටික වේලාවක් ඉන්න කොට අර ළමයගෙ රූපෙ ටිකෙන් ටික වෙනස් උතා මහා භයාතක විදියට. අර මැරිච්ච මිනිහමයි. නමුත් මහා භයානකයි. දත් එළියට පැනල. හරිම අවලස්සනයි. බලන්න බෑ ඒ දිහාව. මුණ හරිම නපුරු පාටයි. ඒකෙ භයානකකම කියන්න බෑ. දැන් අර ළමය පේන්නෙ නෑ. ටික වෙලාවයි ඔහොම තිබුනේ. ආයිත් අර ළමය පේන්න උනා. භූතයා නොපෙනී ගියා. එදායින් පස්සෙ ඒ ගෙදර භූත දෝස නැති උනාලු. ශාස්ත්‍ර කීමත් එයින්නැ වතුනා.
