Monday, April 28, 2025

Vijay Deverakondaගේ සාර්ථක සිනමා ගමන

Published:

Vijay Deverakonda, තෙළිඟු සිනමාවේ නළුවන් අතර සිටින කඩවසම් නළුවෙකි. ඔහුගේ ආකර්ෂණීය පෙනුම නිසා ඔහුව රසිකයන් අතර ප්‍රියතමයෙකු බවට පත් වී ඇත. විශේෂයෙන් ඔහුගේ තිර පෞරුෂය ඔහුගේ අනන්‍යතාවය ගොඩනගා දී තිබේ. 2016 වර්ෂයේ සිට ඔහු රඟපෑ චිත්‍රපට නැරඹූ මම, ඔහුගේ රසිකයෙක් බවට පත්කළ චිත්‍රපට චරිත පහ ගැන කෙටි හැදින්වීමක් සටහන තුළ අන්තර්ගත වේ.

Pelli Choopulu (2016)

~ප්‍රශාන්ත්~

වගකීම් විරහිත කෙළිලොල් තරුණයෙකුගේ චරිතය ඉතා මැනවින් නිරූපණය කරපු විජේ, Ritu Varma සමඟ හොඳ රංගනයක නියලුනා. තෙළිඟු සිනමාවට අමුතම ලස්සනක් ලබාදුන් මේ චිත්‍රපටය ඔහුගේ සිනමා දිවියට ශක්තිමත් පදනමක් ලබාදුන්නා.

Arjun Reddy (2017)

~අර්ජුන් රෙඩ්ඩි~

“අර්ජුන් රෙඩ්ඩි” චිත්‍රපටයේ Vijay Deverakonda විසින් Dr. Arjun Reddy ගේ චරිතය නිරූපණය කරන අතර, ඔහුගේ අකීකරු සහ කළහකාරී පෙම්වතාගේ චරිතය, තෙළිඟු සිනමාවේ මතකයේ රැදෙන චරිතයක් බවට පත්වුණා.ඔහුගේ රංගනය ප්‍රේක්ෂක ආකර්ෂණය පමණක් නොව ඔහුට තෙළිඟු සිනමාව තුළ ස්ථාවර වීමට උදව් වුනා.

Geetha Govindam (2018)

~ගෝවින්ද්~

ගීතා ගෝවින්දම් යනු දේවරකොන්ඩාගේ සිනමා ගමනේ ජනප්‍රියම නිර්මාණයක් වූ අතර එහිදී ඔහු ආදරණීය හා හාස්‍යජනක තරුණයෙකුගේ චරිතය මැනවින් නිරූපණය කරා. විජේ – රශ්මිකා සුසංයෝගය බිහිකරපු මේ චිත්‍රපටය ඔහුගේ වෘත්තීය ජීවිතයට කැපී පෙනෙන ජනප්‍රියත්වයක් ලබා දුන්නා.

Taxiwaala (2018)

~ශිවා~

චිත්‍රපටය අද්භූත කතාවක් වටා කේන්ද්‍රගත වුවද, ආකර්ෂණීය පෙම්වතෙකු ලෙස විජේගේ රංගනය චිත්‍රපටයට සාර්ථකත්වය ලබාදුන්නා.

Dear Comrade (2019)

~බොබී~

බොබීගේ චරිතය තුළින් අර්ජුන් රෙඩ්ඩි වගේම ආවේගශීලි ප්‍රචණ්ඩ ස්වරූපයක් තමයි නිරූපණය වුනේ. හැබැයි වෙනසක් තිබුනා. අර්ජුන් රෙඩ්ඩි ආවේගශීලිව කටයුතු කරේ තමන්ගේ පෞද්ගලික දේවල් වෙනුවෙන්. ඒත් බොබී ආවේගශීලිව සටන් කරේ පොදු අරමුණු වෙනුවෙන්. විශ්ව විද්‍යාලයේ සිසු නායකයෙක් ලෙස තම සහෝදර සහෝදරියන්ගේ අයිතීන් වෙනුවෙන් තමයි ඔහු සටන් කරේ. ඔවුන්ට සිදුවන අසාධාරණයන් වලට එරෙහිව තමයි සටන් කරේ.

කොහොම නමුත් බොබීට ලිලී මුණගැසීමෙන් පසු ඔහුගේ හදවතට ආදරයක අවශ්‍යතාවය දැණුනා.මෙසේ ඇරඹුණු බොබී – ලිලී ආදර කතාව තෙළිඟු සිනමාව තුළ මම කැමතිම චිත්‍රපටය බිහිකරා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img