අම්බලන්ගොඩ කරත්ත කන්ද පංසලේ පිරිවෙනේ අපේ ගුරු හාමුදුරුවන්ගෙ පැවිදි සහෝදරයෙක් ඉගෙන ගත්ත. ඒ හාමුදුරුවන්ගෙ නම ගල්ලෑල්ලෙ පේමානන්ද කියල. ඒ කාලේ ඒ ලඟ පංසලක හාමුදුරු කෙනෙක් අපවත් උනා. මට දැන් නම මතක නෑ. ඉතිං අපේ පේමානන්ද හාමුදුරුවොයි තවත් හාමුදුරුවරු කිහිප නමකුයි අර අපවත්වුණු හාමුදුරුවන්ගෙ දේහය බලන්නත් එක්ක ගියාලු අර පංසලට. ධර්ම ශාලාවෙ මැද මෘත ශරීරය තැන්පත් කරල තිබුනෙ. දායකයොත් එනවලු. සමහරු සැරසිලි වැඩ කරනවලු. මේ හාමුදුරුවොත් ඉතිං කථා කර කර හිටියලු.
රෑ 10 විතර වෙනකොට මිනිස්සු යන එන එක නැවතුනා. සමහරු තැන්තැන්වල වැටිල නිදා ගත්තලු. හාමුදුරුවරු කට්ටියක් එළියෙ කතා කර කර ඉන්න කොට කවුදෝ කෙතෙක් එනව පෙනුන. බලාගෙන ඉන්න කොට කිට්ටුවටම ආවලු. බැලුකොට හිඟන්නෙක්. මිදුලටම ඇවිල්ල අනේ මට මොකවත් කන්න දෙන්න. මට බොහොම බඩගිනියි කිව්වලු. ඉතිං අර උන්නාන්සෙලාගෙන් කෙනෙක් කියල තියෙනව අනේ මේ පංසල්වල රෑට කෑම කොයින්ද ? පංසල්වල රෑට උයන්නෙ නෑ. දැන් හුඟක් රෑ වෙලා ඒත් පුළුවන්නම් ගෙදරකට ගිහිල්ල යමක් ඉල්ල ගනිං කියල. ඊට පස්සෙ අර හිඟන්න නැත්තෙ මොකද ? අර තියෙන්නෙ. ශාලාව මැද අර තියෙන්නෙ කියල මෘත ශරීරය දිහාවට ඇඟිල්ල දික් කරල පෙන්නුවලු. පේමානන්ද හාමුදුරුවන්ට තේරුණ මේ නම් මිනිහෙක් නොවෙයි ප්‍රේතයෙක් වෙන්න ඇති කියල. මේ හාමුදුරුවරු ටිකක් බය උනාලු ටිකක්වෙලා ඉඳල ගිහිල්ල බැලුවලු. බැලුකොට සම්පුර්ණයෙන් මිනියෙන් දෙකෙන් පංගුවක් ඉවරයි. හරියට කැපුව වගේ මිනියෙන් පලුවක් නෑලු. පලුවයි තියෙන්නෙ. අනික් පලුව නෑ. මේ ගොල්ලො කලබල වෙලා දායකයන්ටත් පණිවිඩ යැව්වලු. දායකයොත් කීප දෙනෙක් ආවා. දායකයන්ට දැනුම්දිල ටිකක් කලබල වෙනකොට මෙන්න ආයෙත් අර පලුව තියෙනව. අර නැතිවුණු පලුව. ඉතිං කාටත් හරි පුදුමයිලු.
ඉතිං ඊට පහුවදා දවල් සංඝයාට දානෙ ගෙනාවනෙ. සමහර හාමුදුරුවරු වැළඳුවෙ නැතිලු මෙතන මොකක් හරි භූතයෙක්ගෙ හරි අමනුස්සයෙක්ගෙ හරි සම්බන්ධයක් තියෙනවයි කියල. අර ගෙනාපු දානෙන් වැඩි කොටහක් ඉතුරු උනාලු. ඒ ටික ඔක්කොම මිදුලෙ මැද ගොඩගහන්න කියල කිව්වලු එතැන හිටපු වැඩිහිටි හාමුදුරු කෙනෙක්. ඊයෙ රෑ ආ ප්‍රේතයන්ටයි කියල මහ ගොඩක් ගැහුවලු. මිනිට්ටු පහක් ගියේ නැතිලු අර කෑම ටිකට මක් උනාද දන්නෙ නැතිලු. ඔක්කොම ඉවර උනාලු. අර ප්‍රේතය ඔක්කොම කාළ වෙන්න ඇති කියල හිතුවලු.