මේ හාමුදුරුවෝ මට කියපු තවත් කථාවක් මේක. මේ හාමුදුරුවො කැකිරාවේ ඉඳල යනවලු පංසලකට. ඒ පංසලේ ඉඳල තියෙන්නෙ මේ හාමුදුරුවන්ගෙ බොහොම යාලු හාමුදුරු කෙනෙක්. ඉතිං මෙහෙම යන කොට ටිකක් රෑ වුනාලු. හඳ එළිය තිබුනලු හොඳට. ඒ නිසා මේ හාමුදුරුවෝ හීන් හීන් සැරේ කැකිරාවෙ ඉඳල හැතැම්ම දෙක තුනක් යන කොට ඔත්ත බෝක්කුවක් හම්බවුනාලු. මේ බෝක්කුව උඩ ගැණියෙක්
ඉන්නවලු දරුවෙකුත් වඩාගෙන. ඉතිං මේ හාමුදුරුවෝ අහල තිබුතලු මේ පාරේ රෑට අවතාර ගැණු කෙනෙක් ළමයෙක් වඩාගෙන ඉත්තවයි කියලත්. අර ගැණි දකින කොටම එකත් මතක් වුනාලු. දැන් මේ හාමුදුරුවන්ට ඉස්සරහට යන්නත් බෑ ආපසු එන්නත් බයයිලු. ඔහොම ඉන්න කොට අර ගැණි අවිල්ල ළමය බිම තියල වැන්දලු. වැඳල ස්වාමින් වහන්සෙ, මේ කොහේද වඩින්නෙ. ඇයි මේ ඉතිං වඩින්නෙ නැත්තෙ. ඇයි මෙතන බලාගෙන ඉන්නෙ කියල ඇහුවලු. ඉතිං මේ හාමුදුරුවො කිව්වලු නෑ මං මේ නිකං කියල. නෑ නෑ ස්වාමින් වහන්ස ඇත්ත කියන්න ඕන බොරු කියන්න ඕන නෑ. ස්වාමින් වහන්සෙ බය උනා තේද මං දැකල කියල ඇහුවලු අර ගෑණි. ඉතිං මේ හාමුදුරුවො ඇත්තම කිව්වලු ඔව් මං ටිකක් බය උනා තමයි කියල. ස්වාමීන් වහන්සේලාට අවතාර වලින් විපත්තියක් වෙතවයැ. අතේ ස්වාමීන් වහන්සේලාට එහෙම හිරි හැරයක් කරන්නෙ නෑතෙ කවුරුවත්. ඇයි බය වෙන්නෙ. ස්වාමීන් වහන්සෙ වඩින්න බය නැතුව කියල කිවලු. දැන් ඉතිං මේ හාමුදුරුවන්ගේ බය නැති උනාලු මේ ඇත්තම උපාසක අම්ම කෙනෙක් වෙන්න ඇති කියල.
ඉතිං ඊට පස්සෙ අර උපාසක අම්ම මහ හයියෙන් කථා කරාලු කාටද. එතකොටම ඉලංදාරි දෙන්නෙක් ආවලු. උන්ට කිව්වලු මේ ස්වාමින් වහන්සෙ ටිකක් බය වෙලා. තනියම යන්න දෙන්න හොඳ නෑ. මඟදි බය සැක ඇති වෙත්ත පුළුවනි. ඒක නිසා අපි යං. ගෙහුම් ඇරලවල එමුයි කියල. එහෙම කියල එක ඉලංදාරියෙකුට අර ළමය දුත්තලු. දිල මේ උපාසක අම්මයි තවත් ඉලංදාරියෙකුයි මේ හාමුදුරුවොත් එක්ක දැන් කථා කර කර පස්සෙන් ගියාලු. පංසලේ ගේට්ටුව දක්වා ගිහිල්ල ස්වාමීන් වහන්ස, දැන් ඉතිං අර පංසලතෙ පේන්නෙ. තනියම වඩින්න පුළුවනි තෙවෙද කියල මේ හාමුදුරුවන්ට වැඳල පංසල අද්දරින් විශාල පාරක් තිබුන. ඒ පාර දිගේ අර දෙන්න යන්න ගියාලු. මේ හාමුදුරුවො ඉතිං පස්සත් හැරිල බැලුවලු. බලන කොට අර දෙත්ත මහ විශාල පාර දිගේ යනව පෙනුනලු. මේ හාමුදුරුවෝ පංසලට යනකොට රෑ 10 ත් පහුවෙලා. පංසලට ගිහිල්ල දොරට තට්ටු කළාම අර යාලු හාමුදුරුවො ඔය පාරෙ දොර ඇරියලු. මේ හාමුදුරුවො දැකල ඒ හාමුදුරුවො ඉලව්වයි, ඇයි මෙහෙම මේ අවේලාවෙ තනියම ආවේ. තනියම එන්න හොඳඳ? යන්තං ඇති අරකිගෙන් බේරිල ආව. කවුරුවත් ඔය පාරෙ කරුවලේ තනියම යන්නෙ නෑ කියල කිව්වලු. ඉතිං මේ හාමුදුරුවො කියල තියෙනව නෑ මම තනියම නෙවෙයි ආවේ. අර අහවල් බෝක්කුව ලඟ හිටිය උපාසක අම්ම කෙනෙක් ළමයෙකුත් වඩාගෙන. ඒ උපාසක අම්මයි තවත් ඉලංදාරි එක්කෙනෙකුයි මාත් එක්ක මගේ තනිවට පංසල ලඟ ගේට්ටුව තියෙන තැනට ආව කියල. දැන් ඉතිං ඒ ගොල්ලො කෝ කියල ඇහුවහම අර පංසල වත්ත අද්දර තියෙන මහ පාර දිගේ ඒ ගොල්ලො ගියා කියල කිව්ව.
හා.. හොඳයි කියල මේ හාමුදුරුවන්ට ගිලංපසත් දිල දත් ඉතිං නිදාගන්නකො කියල බුදිය ගත්ත දුත්තලු. පහුවදා උදේ පංසලේ හාමුදුරුවො මේ හාමුදුරුවන්ට කිව්වලු ඊයේ රෑ ඔබ වහන්සේත් එක්ක ආපු මිනිස්සු ගිය පාර මට පෙන්නන්න කො කියල ඒ පැත්තට අඬගහගෙන ගියාලු. ගිහිං බැලුකොට මොන මහපාරක්ද ? මහ අලි කැලෑවලු. මේ හාමුදුරුවන්ට හරි පුදුමයිලු. ඊයෙ රාත්‍රියෙ දැකපු මහ පාර පේන්න නැහැ. ඉතිං පස්සෙ අර හාමුදුරුවො කියල තියෙනව ඔය ආවෙ මිනිස්සු නොවෙයි අමනුෂ්‍යයෝ. ඔය පාරේ රාත්‍රියට හරියට භූතයෝ ඉන්නවා. කිසි කෙනෙක් රෑට ඔය පාරේ යන්නෙ නෑ. අවතාර ගෑණියෙක් ළමයෙක් වඩාගෙන ඉන්නවා හුඟ දෙනෙක් දන්නවා, දැකල තියෙනවා. ඔබ වහන්සේ දැකල තියෙන්නෙ උපාසක අම්ම කෙනෙක් නොවෙයි අර අවතාර ගෑණි කියල කිව්වලු
අතිගරු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි
